ඉපදෙන්න සිටි ඩයිනෝ පැටවෙකුගේ ෆොසිලයක් හමුවෙයි
කුකුල් පැටවෙකු මෙන් සිය බිත්තරයෙන් එළියට පැමිණීමට ආසන්නව සිටි ඩයිනෝසර පැටවෙකුගේ ෆොසිලයක් චීනයෙන් හමුවී තිබේ. දකුණු චීනයේ ගන්ජෝ ප්‍රදේශයෙන් හමුවී ඇති මෙම ෆොසිලය මිලියන 66කට වඩා පැරණි බව පර්යේෂකයන් කියයි.
පර්යේෂකයෙකු වන ආචාර්ය ෆියොන් වයිසම් මා පවසන්නේ මෙම ඉතිහාසයේ හමුවූ හොඳම ඩයිනෝසර කලලය බවයි.
බේබි යින්ලියැං ලෙස නම් කර ඇති මෙම ෆොසිලය හිසේ සිට වලිගය දක්වා අඟල් 10.6ක් දිග අතර, එම බිත්තරයේ දිග අඟල් 6.7කි.
මෙම බිත්තරය මුලින් හමුවී ඇත්තේ වසර 2000කදී වන අතර, එතැන් සිට දසවසරක් පුරාවට එය චීනයේ යින්ලියැං කෞතුකාගාරයේ තැන්පත් කර තිබුණි.
මෑතකදී මෙම බිත්තරය වෙත අවධානය යළි යොමුවී ඇති අතර, ඉහත සොයාගැනීම සිදුවී ඇත්තේ එලෙසයි.
ඉපදෙන්න සිටි ඩයිනෝ පැටවෙකුගේ ෆොසිලයක් හමුවෙයි
2021-12-22T11:02:00+05:30
Gossip Lanka Hot News




