gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තෙල් ටැංකි ඉන්දියාවට දෙන්න බැසිල් සූදානම්…

මේ දිනවල ඉන්දියාවේ සංචාරයක යෙදී සිටින මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඩොලර් මිලියන 500ක ඉන්ධන ණයක් ලබා ගැනීම සඳහා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දීය IOC සමාගමට ලබාදීම වෙනුවෙන් මූලික ක්‍රියාමාර්ග අනුගමණය කරමින් සිටින බව අනාවරණය වේ.

ඒ අනුව හදිසියේම පසුගිය සතියේ සිට මැණුම්පතිවරයාගේ ලිඛිත නියෝගයක් පවා නොමැතිව අදාල තෙල් ටැංකි පිහිටි ඉඩම මැනීමේ කටයුතු ආරම්භ කර ඇත. එහි මූලිකම පදනම වී තිබෙන්නේ කොටස් 04කට බෙදා ඉඩම මැනීමය. ඒ අතර චීන වරාය පහළ කොටසේ ස්ථාපිත කර තිබෙන තෙල් ටැංකි 85න් 61ක් ඉන්දීය IOC සමාගමට සිපෙට්කෝ සමාගම සමග ඒකාබද්ධ ව්‍යාපෘතියක් යනුවෙන් නාමකරණය යටතේ ලබාදීමට සූදානම් වන බව අනාවරණය වේ.

මේ සඳහා කණිජතෙල් නීතිගත සංස්ථාවේ නීති නිලධාරීනී කුමුදුනී ආරියරත්න තොරතුරු ලබාදීමේ නිසි නිලධාරී ලෙසද පත් කර තිබේ. ඉතා කඩිනමින් මෙම ගිවිසුම් අත්සන් කිරීමට සූදානම් වන අතර ඒ වෙනුවෙන් පාදක කරගෙන තිබෙන්නේ හිටපු කණිජතෙල් ඇමතිවරයෙකු වන අර්ජුන රණතුංග ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයක් බව වැඩිදුරටත් අනාවරණය වේ.

මේ වනවිට අදාල කටයුතු සූදානම් කරගෙන යන ආකාරය අනුව යුගදනවි බලාගාරය ඇමරිකානු නිව් ෆෝට්‍රස් සමාගමට ලබාදුන් ගිවිසුම අත්සන් කළ පරිදි ඉතා රහසිගතව මධ්‍යම රාත්‍රියේ හෝ ඉන්දියාව සමග අදාළ ගිවිසුම් අත්සන් කිරීමට ඉඩ තිබෙන බව අදාළ තොරතුරුවලින් තහවරු වී ඇත. මේ වනවිට ඩොලර් මිලියන 500ක ඉන්ධන ණය ලබාදීමට ඉන්දියාවේ තිබෙන එකඟතාවය ඩොලර් මිලියන 2000 පමණ දක්වා වැඩි කර ගැනීමට මුදල් ඇමතිවරයා ඉන්දීය බලධාරීන් සමග ධීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් සිටියි.
-lankatruth
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka