gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරයේ රහසක් උසාවියේදී එළියට එයි! ප්‍රහාරයේ තොරතුරු නිලන්ත බුද්ධි සමාලෝචන රැස්වීමට ඉදිරිපත් කර නෑ!

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙතැයි පෙර ලද බුද්ධි තොරතුර පිළිබඳ ප්‍රහාරය එල්ල වන තුරු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන යුද හමුදාවට දැනුම් දී ‍නොතිබූ බව යුද හමුදා හිටපු බුද්ධි අධ්‍යක්ෂ විශ්‍රාමික බ්‍රිගේඩියර් චූල කොඩිතුවක්කු මහතා අද (13) අධිකරණයේ දී අනාවරණ කළේය.

ඒ අදාළ ප්‍රහාරය පිළිබඳ නඩුව අද කොළඹ මහාධිකරණයේ දී විභාගයට ගත් අවස්ථාවේදීය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් සාපරාධි වගකීම් පැහැර හැරීම තුළින් මනුෂ්‍ය ඝාතන සිදුකිරීමට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද කොළඹ මහාධිකරණයේදි හත්වන දිනටත් කැඳවනු ලැබීය.

එහිදි පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ විශ්‍රාමික බ්‍රිගේඩියර් චූල කොඩිතුවක්කු මහතා සාක්ෂි ලබාදුන්නේය.

තමා ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ අන්තවාදී ක්‍රියා කලාපය පිළිබඳව අවස්ථා කිහිපයකදී ම එවක ආරක්ෂක ලේකම්, පොලිස්පති සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා දැනුවත් කර තිබූ බවත්, ඔහුගේ සංවිධානයෙන් ජාතික ආරක්ෂාවට එල්ල විය හැකි තර්ජන පිළිබඳව තමා ලිපි 9ක් මඟින් ලිඛිතව දැනුවත් කර තිබූ බවත් යුද හමුදා හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා එහිදී අනාවරණ කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරක් ප්‍රහාරයට පෙර තමන්ට ලැබුනේදැයි එහිදි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා විමසූ විට යුද හමුදා හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා පැවසුවේ ප්‍රහාරයට පෙර එවැනි බුද්ධි තොරතුරක් තමන්ට නොලැබුණු බවය.

එහිදී විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සාක්ෂිකරුගෙන් විමසා සිටියේ “ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට 2019 අප්‍රේල් 04 වන දින එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා වෙත ලැබී තිබුණු විදෙස් බුද්ධි තොරතුරට අදාළ ලිපිය ප්‍රහාරයට පෙර ඔබට ලැබුණාද?” යන්නය.

“නැහැ.. ස්වාමීනි.. එවැනි ලිපියක් මට ලැබී තිබුණේ නැහැ. ප්‍රහාරයට පෙර අප්‍රේල් 09 වන දා පැවති අවසන් බුද්ධි සමාලෝචන රැස්වීමටද මා සහභාගි වුණා. එම රැස්වීමට එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාත් සහභාගී වී සිටියා. එහෙත් අප්‍රේල් 04 වනදා ලැබුණු තොරතුර පිළිබඳව ඔහු එම බුද්ධි සමාලෝචන රැස්වීමේ දී කරුණු ඉදිරිපත් කළේ නැහැ” යැයි පිළිතුරු දුන් හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා තවදුරටත් කරුණු පැහැදිලි කළේය.

“අප්‍රේල් 09 වෙද්දි ප්‍රහාරය පිළිබඳව තොරතුරු ලැබිලා තිබුණා නම් එය ඔහුට බුද්ධි සමාලෝචන රැස්වීමට ඉදිරිපත් කරන්න තිබුණා. ඊට කිසිදු බාධාවක් තිබුණේ නැහැ. අනික බුද්ධි තොරතුරක් තිබෙනවා නම් එය ඉදිරිපත් කිරීමට සුදුසුම සහ හොඳම ස්ථානය තමයි බුද්ධි සමාලෝචන රැස්වීම. කෙසේ නමුත් බුද්ධි තොරතුරු හුවමාරු කිරීමේදී රාජ්‍ය ආයතන අතර එතරම් සහයෝගයක් තිබුණේ නැහැ. රාජ්‍ය බුද්ධි සේවය වෙතින් ද එවැනි සහයෝගයක් දක්නට ලැබුණේ නැහැ. නමුත් නිලන්ත ජයවර්ධන මහතා එවක සිටි ජනාධිපතිවරයාට සෘජුවම බුද්ධි තොරතුරු සන්නිවේදනය කරන බව ආරක්ෂක ප්‍රධානින් වෙච්ච අපි හැමෝටම අවබෝධයක් තිබුණා.” 

අනතුරුව හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයාගෙන් සිදුකළ සාක්ෂි විමසීම අවසන් වුණි.
-mawratanews
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka