gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

චරිත කෝප් කමිටුවෙන් දොට්ට?; සහෝදර රැස්වීමේ ප්‍රතිඵිලයක්!

ජනාධිපතිවරයා විසින් ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසාන කර ඇත්තේ, පාර්ලිමේන්තු කමිටු කිහිපයක සභාපතිවරුන් ඉවත් කිරීම සඳහා විය හැකි යයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE -The Committee On Public Enterprises) සභාපති මහාචාර්ය චරිත හේරත්, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සභාපති, හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ අදාල කමිටුවල සභාපති ධුරවලින් ඉවත් කිරීමේ සුදානම ඇතැයි පැවසේ.

2022 ජනවාරි 18 වැනි දින පෙරවරු 10 දක්වා බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් පාර්ලිමේන්තුව ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට කල් තබන ලදී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට පැවරී ඇති බලතලවලට අනුව අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

ඒ අනුව, පාර්ලිමේන්තුවේ මීළඟ වාරය ලබන ජනවාරි මස 18 වන දින පෙරවරු 10ට යළි ආරම්භ කළ යුතු බව අදාළ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශ කර ඇත.

වාර අවසාන කිරීම යනු පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා තාවකාලික විරාමයක් ලබාගැනීම වන අතර මෙහිදි කථානායකවරයා එම ධුරයේ අඛණ්ඩව කටයුතු කරගෙන යා යුතුය.

නව සැසිවාරයක් ආරම්භ කිරීමේ දී තේරීම් කාරක සභා නැවත පත්කළ යුතු අතර උසස් නිළ තල පිළිබඳ කාරක සභාව වාර අවසාන කර ඇති අවස්ථාවක වුවද අඛණ්ඩව ක්‍රියාත්මකය.

වාර අවසාන කිරීම අවසන් වී නැවත නව සැසිවාරය ආරම්භ වන විට එය ජනාධිපතිවරයා විසින් උත්සවාකාරයෙන් විවෘත කිරීමට ද නියමිතව තිබේ.

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමත් සමඟ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, ව්‍යවස්ථාදායක කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඇතුළු කාරක සභාවල කටයුතු අක්‍රීය වන අතර නව සැසිවාරය ආරම්භ කිරීමත් සමඟ එම කාරක සභා නැවත පත්කළ යුතු වෙයි.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යන කමිටුවල සභාපතිවරුන් ලෙස ආණ්ඩුවේ නියෝජිතයින් කටයුතු කලද පසුගිය කාලයේ ඒවායේ සභාපතිවරුන්ගේ හැසිරීම ආණ්ඩුවේ පැවැත්මට හානිදායක බවට ආණ්ඩුවේ බලධාරීන්ගේ නිගමනය වී තිබු බව වාර්තාවේ.

ආයෝජන මණ්ඩලයේ (BOI ) සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය පසුගියදා කෝප් කමිටුවට ගෙන්වා ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් පැනනැගී තිබු ගැටළු ප්‍රශ්න කිරීම නිසා එම අධ්‍යක්ෂ මණ්ඩලය ජනාධිපතිවරයා වෙත ඉල්ලා අස්වීමේ ලිපි යොමුකර තිබු අතර තවදුරටත් තනතුරු වල රැඳී සිටීමට නම් කෝප් කමිටුව තමන්ගෙන් සමාව ගත යුතු බවටද යෝජනාවක් ඉදිරිපත් කර තිබු බව පැවසේ.

එසේම, ස්ලිට් ආයතනය යලි රජයට පවරා ගැනීමට අමාත්‍ය බන්ධුල ගුණවර්ධන දරන උත්සාහයට 'කෝප්' කමිටුවේ සභාපති සහය දක්වන බවටද ආණ්ඩුවේ අභ්‍යන්තරයෙන් ම චෝදනා එල්ලවී තිබිණ.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති, මහාචාර්ය තිස්ස විතාරණ පසුගියදා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගෙන්වා ප්‍රශ්න කිරීම අරක්කු ව්‍යාපාරයේ දී නිරතව සිටින ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ විවේචනයට ලක්ව තිබු බවද වාර්තාවේ.

එසේම,රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, අනුර ප්‍රියදර්ශන යාපා මුදල් අමාත්‍යංශයේ ඉහල නිලධාරීන් වරින්වර කැඳවා ප්‍රශ්න කිරීමත්, විශේෂයෙන් සීනි ගෙන්වීමේදී සිදුව ඇතැයි කියන ගනුදෙනු සම්බන්ධයෙන් විමසා සිටීමත් ආණ්ඩුවේ බලධාරීන්ගේ නොසතුටට හේතුවී තිබු බව පැවසේ.

සහෝදර රැස්වීම..

මේ අතර, පසුගිය බදාදා (08) පස්වරුවේ පැවැති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ නිවසේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා අමාත්‍ය චමල් රාජපක්ෂ යන රාජපක්ෂ පවුලේ ප්‍රධානීන් අතරේ සාකච්ඡාවක් පැවැති බව වාර්තා වේ.

කෙසේවුවද, එහිදී ගත් තීන්දු කිසිවක් සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් නොවූ අතර ඉකුත් සතියේදී එම සාකච්චාව ගැන ආණ්ඩුවේ ප්‍රධානීන් විශාල උනන්දුවක් දැක්වූ බවද මේ අතර ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මූලාශ්‍රය - ද ලීඩර්
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka