අගමැති තිරුපති ගියේ පුද්ගලික ගුවන් යානාවකින්…
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෑතකදී ඉන්දියාවේ තිරුපති සංචාරයක නිරත වුණේ පෞද්ගලික ගුවන් යානාවකින් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සඳහන් කරයි. එම පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කරන්නේ අදාළ ගුවන් යානය උගන්ඩාවේ සිට ශ්‍රී ලංකාවේ රත්මලාන ගුවන් තොටුපල බලා පැමිණි පෞද්ගලික ගුවන් යානාවක් බව එම ගුවන්තොටුපලේ සමාජ ජාලා ගිණුමේ සඳහන්ව ඇති බවයි.
අදාළ ගුවන් යානය අයත් වන්නේ කාටද යන්න ප්‍රහේලිකාවක් බවද ඔහු සඳහන් කළේය.
සිය පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.
-lankacnews
අගමැති තිරුපති ගියේ පුද්ගලික ගුවන් යානාවකින්…
2021-12-27T12:03:00+05:30
Gossip Lanka Hot News




