චීන ටීම් එකක් ලංකාවට ඇවිත් හොර රහසේම මතවිමසුමක් කරලා! බීජිංවලට රහස් වාර්තාවකුත් යවලා!
චීන රජයේ දූත පිරිසක් ලංකාවට පැමිණ ඉතා රහසිගතව මුලු දිවයිනම ආවරණය වන පරිදි මතවිමසුමක් සිදු කොට ඇති බව අනාවරණය වේ. පසුගිය කාලයේදී ලංකාවට පැමිණ ඇති මෙම කණ්ඩායම චීන රජය ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති පිළිබදවත්, මෙතෙක් චීනය රට ඇතුළේ ගෙන ගිය රාජපක්ෂ හිතවාදී වැඩපිළිවෙළ පිළිබදවත් ජනමත විමසුම හරහා තොරතුරු එක්රැස් කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම පසුගිය කාලයේදී ලංකාව තුළ කටයුතු කිරීමේදී චීනයට වැරදුණු තැන් මොනවාද, ඒවා නිවැරදි කරගත හැක්කේ කෙසේද යන්න පිළිබදවත් මෙහිදී තොරතුරු එක්රැස් කොට ඇති බව දැනගන්නට ඇත.
මෙම මත විමසුමේ ප්‍රතිපල පසුව බීජිං නුවරට යවා ඇති බවත්, එය අධ්‍යයනය කිරීමෙන් පසුව චීන රජය රාජපක්ෂවරුන්ට හිතවාදීව ගෙන ගිය වැඩපිළිවෙළ යම් වෙනසකට ලක් කිරීමටද තීන්දු කොට ඇති බවත් වාර්තා වේ.
චීන ටීම් එකක් ලංකාවට ඇවිත් හොර රහසේම මතවිමසුමක් කරලා! බීජිංවලට රහස් වාර්තාවකුත් යවලා!
2021-12-26T07:15:00+05:30
Gossip Lanka Hot News





