මෝටාර් වැදී බේරුණු රණවිරුවා ගෑස් පිපිරුමකින් මරුදකියි
සිව් වන ඊලාම් යුද්ධයේ දී මෝටර් ප්‍රහාරයට ගොදුරු වී වෛද්‍ය හේතුන් මත නිවසට වී සිටි රණවිරුවකු ගෑස් ලිපක් පුපුරා යාමෙන් මියගොස් ඇති බව දිවයින පුවත්පත වාර්තා කර තිබේ. ගෑස් පුපුරා යාම සිදුව ඇත්තේ ජූලි මාසයේ 17 වැනිදා හිමිදිරියේ ය.
ගෑස් පුපුරා යාමෙන් ඇති වූ පිළිස්සුම් තුවාල සදහා මාසකයට වැඩි කාලයක් මහනුවර මහරෝහලේ ප්‍රතිකාර ලබා ඇති අදාල රණවිරුවා අගෝස්තු මාසයේ 23 වැනිදා මියගොස් තිබේ.
ඔහු මහනුවර මැණික්හින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
රණවිරුවා මෙසේ අකාලයේ මිය යාම හේතුවෙන් ඔහුගේ දරු පවුල මහත් දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින බවද එම පුවත්පත වාර්තා කරයි.
මියගිය රණවිරුවාගේ විශ්‍රාම වැටුප හෝ මේ දක්වා සකස් කර දී නැති බව ද පැවසේ.
මෝටාර් වැදී බේරුණු රණවිරුවා ගෑස් පිපිරුමකින් මරුදකියි
2021-12-24T13:51:00+05:30
Gossip Lanka Hot News




