gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මියගිය නිදර්ශනා දෙමස් ගැබිණියක්, පියාගෙන් හෙළිදරව්වක්!

මුලතිව්, මූන්ගිල්ආරු ගම්මානයේ 13 හැවිරිදි යෝගරාසා නිදර්ශනාගේ මරණය සම්බන්ධයෙන් ‍මේ වනවිට කරුණු රැසක් අනාවරණ වී ඇතැයි වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් භාරයට ගැනුණු සැකකරුවන් රඳවා තබා ප්‍රශ්න කරන බව පොලීසිය මාධ්‍ය වෙත පවසා තිබේ.

නම – යෝගරාසා නිදර්ශනා
වසය – අවුරුදු 13
පදිංචිය – මුලතිව්, මුන්ගිල්ආරු

පසුගිය සතියේ 15 වැනිදා අතුරුදන් වූ නිදර්ශනා ඝාතනය කර මියගොස් සිටියදී සොයාගනු ලැබුවේ 18 වැනිදා ය.

ඇයගේ ඥාතීන් මුලින් ප්‍රකාශ කළේ, නිවසේ සිට මීටර් 500ක් පමණ දුරින් පිහිටි තම සහෝදරියගේ නිවසට යන බව පවසමින් ඇය නිවසින් පිටතට ගමන් කළ බවයි.

අදාළ ප්‍රකාශ ගොතන ලද්දක් බව පොලිසිය පවසයි.

නිදර්ශනාගේ ඝාතනය සම්බන්ධයෙන්, සැකපිට ඇයගේ සොහොයුරියගේ සැමියා අත්අඩංගුවට ගැණුනේ ඉන් අනතුරුවයි.

පොලිසිය පවසන්නේ නිදර්ශනා ගේ පියා සිදුවීමට අදාළ කරුණු රැසක් හෙළි කර ඇති බවයි.

ඔහු පොලීසියට පවසා ඇත්තේ, නිදර්ශනා මාස 2ක ගැබිනියක් බව දැනගත් පසුව ඇගේ මව කළලය ගබ්සා කිරීමට උත්සාහ කළ බවයි.

පොලිසිය සැක කරන්නේ ගබ්සාව සිදු කිරීමට යෑමේදී දැරිය මියගොස් ඇති බවයි.

දැරියගේ දත් ද ගැලවී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබේ.

පොලීසිය පැවසුවේ, නිදර්ශනාගේ මෘත දේහය වැඩි වේලාවක් ජලයෙන් යටව පැවති බවට සලකුණු පවතින බවයි.

දේහය වැටී තිබූ බවට සැක කරන ළිඳ අද (23) මුලතිව් දිසා විනිසුරු ටී. සරවනරාජා මහතා නීරීක්ෂණය කළේ ය.

මහේස්ත්‍රාත්වරයා දැරියගේ නිවසේ වැඩිදුර පරීක්ෂණ පවත්වා, ලා නිල් පැහැති මේසයක් නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කර තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka