gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොටි ත්‍රස්තයින්ගේ රත්‍රන් සොයන කැණීම් කල් දමයි…

එල්.ටි.ටි.ඊ. සංවිධානය විසින් රත්‍රන් වළදමා ඇති බවට සැකකෙරෙන මුලතිව් පුදුකුඩිරිප්පු සුදන්දිරපුරම් ප්‍රදේශයේ කැනීම් කටයුතු එළැඹෙන 06 වැනිදා දක්වා කල්දැමීමට මුලතිව් මහෙස්ත්‍රාත් ආර්. සර්වනරාජා මහතා නියෝග කොට සිටියේය.

දෙවැනි දිනයට 03 දින මුලතිව් මහෙස්ත්‍රාත් වරයා ඉදිරියේදී සුදන්දිරපුරම් ප්‍රදේශයේදී කැනීම් කටයුතු පස්කන යන්ත්‍රයික් ආරම්භ කලද කපන ලද වලවල්වලට සීග්‍රෙයන් ජලය පිරීම හේතුවෙන් කැනීම් කටයුතුවලට දැඩි බාධා එල්ල වීම හේතුවෙන් කාලගුණික තත්වය සහපත් තත්වයක අදාල කැනීම් කටයුතු කළ යුතු බවට මුලතිව් මහේස්‍රතාත්වරයා පවසා තෙවැනි වරට කැනීම් සිදුකිරීම ලබන 06 වනදා දක්වා කල් දැමීය.

එල්.ටි.ටි සංවිධානය අදාළ ස්ථානයේ වළදමා තිබූ බව කියන රත්‍රන් ගොඩගැනීමේ ක්‍රියාවලියක් වෙනුවෙන් වත්මන් අමාත්‍යවරුවන් දෙදෙනකුගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් දෙදෙනෙකුගේ සම්බන්ධතාවයක් පවතින බවටද අනාවරනය වීම හේතුවෙන් අදාල කැනීම් කටයුතු විශේෂත්වයක් වී ඇත.

කැනීම් කටයුතු නැවත ආරම්භ වනතුරු අදාළ ස්ථානය වෙත පූර්ණ පොලිස් ආරක්ෂාව යොදවන ලෙසට මහේස්ත්‍රාත්වරයා විසින් නියා්ග කල අතර පුදුකුඩිඉරිප්පු පොලීසිය විසින් ආරක්ෂාව යොදවා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka