gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බැසිල් හිස් අතින් ලංකාවට; ඉන්දීය සහන පැකේජ විස්තරේ ජනවාරියේ

පවත්නා දුෂ්කර ආර්ථික ගැටලු සමනය කර ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදෙන ආර්ථික පැකේජය ලබන ජනවාරි මාසයේ නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සහ විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට දැනුම් දුන්හ.

එම ආර්ථික පැකේජය විදේශ සංචිත තර කර ගැනීම, ආහාර හා ඖෂධ සැපයුම, බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සහ ආයෝජන යන අංශවලට අදාළ වන බවද ඉන්දීය අමාත්‍යවරු වැඩිදුරටත් පවසා තිබේ.

දැනටමත් ඉන්දීය මුදල් අමාත්‍යංශය විසින් අනුමත කර ඇති ශ්‍රී ලංකාව සම්බන්ධ ආර්ථික පැකේජය එරට අමාත්‍ය මණ්ඩලය ජනවාරියේදී අනුමත කරනු ඇති බවද සඳහන්ය.

ඊට අදාළ ශ්‍රී ලංකාවේ යෝජනා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එරට ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ යන මහත්වරු ඉන්දීය රජයට දැනුම් දී තිබිණි.

මේ ගැන සාකච්ඡා කිරීමට බැසිල් රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල හා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ යන මහත්වරැ ඉන්දීය මුදල් ඇමැතිනිය හා විදේශ අමාත්‍යවරයා පසුගියදා වාර දෙකක්ම හමුවූහ.

ජනපති හා අගමැති ඉන්දීය ජනපතිගෙන් ඉල්ලූ ණයත් මඟ හැරලා

මේ අතර, ද හින්දු වාර්තා කර ඇත්තේ පසුගිව වසරේ (2020) මැයි මාසයේදී දුරකථන සංවාදයකදී අගමැති මෝදි වෙත සෘජුවම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කරන ලද ඩොලර් බිලියන එකක හුවමාරුවක් සඳහා ඉල්ලීම තවමත් ක්‍රියාත්මක වී නොමැති බවයි.

එසේම වසංගතයෙන් උග්‍ර වී ඇති ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටලු මඟහරවා ගැනීම සඳහා ණය සහනයක් ඉල්ලා 2020 පෙබරවාරි මාසයේ පැවති රැස්වීමකදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් කළ ඉල්ලීමට තීරණයක් දීම ඉන්දියාව ප්‍රමාද කර ඇතැයි වාර්තා වේ.

ද හින්දු වෙබ්අවඩිය බැසිල් රාජපක්ෂ මහතා හා ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අතර පැවැති සාකච්ඡාව සමාලෝචනය කරමින් පලකර තිබූ ඡායාරූපයකි.
Photo Credit: MEERA SRINIVASAN
-srilankamirror.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka