රන්ජන් වෙනුවෙන් ජිනීවාවලට බස් එකක්!
අධිකරණයට අපහාස කිරීම හේතුකොට ගෙන වසර 4ක සිර දඩුවමකට යටත්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිදහස උදෙසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත සන්දේශයක් බාරදීමට ඉතාලියේ මිලානෝහි සිටින ශ්‍රී ලාංකිකයන් විසින් සැලසුම් කොට ඇත.
ඒ අනුව ලබන 12 වැනිදා විශේෂ බස් රථයක් ජිනීවා බලා මිලානෝ නගරයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.
එම බස් රථය එදින සවසම යළි මිලානෝ බලා පැමිණීමට නියමිතව ඇති බවද දැනගන්නට ඇත.
රන්ජන් වෙනුවෙන් ජිනීවාවලට බස් එකක්!
2021-12-08T16:23:00+05:30
Gossip Lanka Hot News





