අද පෙරවරුවේ මීරිගම දුම්රිය හරස් මාර්ගයේ දි ලොරි රථයක් දුම්රියේ හැපී අනතුරක් සිදුව ඇත. ඒ හේතුවෙන් දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම නතර වී තිබේ.
ලොරි රථය දුම්රිය මාර්ගය හරස්වන ආකාරයෙන් නතර වීම හේතුවෙන් අනතුර සිදුව ඇති අතර අනතුරින් දුම්රියටද දැඩි හානි සිදුව තිබේ.