gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති ඉදිරියේ ඇමති චමල් පී.බී. පතුරු ගහයි… ඉල්ලා අස්වන බව පී.බී. කියයි…

අමාත්‍ය චමල් රාජපක්ෂ පසුගිය දවසක ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දරට දොස් පවරා ඇත. මීට හේතු වී ඇත්තේ පොහොර හා විදේස්ගත ශ්‍රී ලාංකිකයන් විදෙස් විනිමය ශ්‍රී ලංකාවට එවීමේදී ඇති වී ඇති ගැටලුකාරී තත්ත්වයයි.

දේශපාලන ආරංචි මාර්ග පවසන පරිදි පී.බී. බැනුම් අසා ඇත්තේ ජනාධිපතිවරයා ඉදිරිපිටදී ජනාධිපති කාර්යාලයේදීය. පසුගිය දා පැවැති කැබිනට් රැස්වීමට පෙර පී.බී. ජනාධිපතිවරයා සමග කැබිනට් පත්‍රිකාවලට අත්සන් තබමින් සිටින අවස්ථාවේදී මහින්ද, චමල් ඇතුළු රාජපක්ෂ පවුලේ කීප දෙනකු ජනාධිපතිවරයාගේ කාර්යාලයට ඇතුළු වී තිබේ.

මෙහිදී සිය වැඩිමහලු සොහොයුරා දෙස බැලූ ජනාධිපතිවරයා ‘ආ… ලොකු අයියා අපේ මන්ත්‍රිවරු ලේකම්තුමා ගැන කියන කතා කියන්නකෝ’’ යනුවෙන් සිනාසෙමින් පවසා ඇත. ලද ඇසිල්ලෙන් ප්‍රයෝජන ගත් චමල් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පී. බී. ගැන කියන කතා වක්කඩ කැඩුවාක් මෙන් එක දිගට කියාගෙන ගොස් තිබේ. ‘‘අවුරුදු 20ක් තිස්සේ ඔයා දාපු සෙල්ලම් නිසා තමයි මේ රටටත් ආණ්ඩුවට මේ නස්පැත්තිය වෙලා තියෙන්නේ කියලා ආණ්ඩුවේ මන්ත්‍රිවරු කියනවා. ඒ විතරක්ද ඔබතුමා කරන දේවල් වලට මිනිස්සු පතුරු ගහන්නේ ජනාධිපතිතුමාව.’’

චමල්ගෙන් හොඳට අහගත්ත පී.බී. පසුව රජයට සම්බන්ධ දේශපාලනඥයි.න් කීප දෙනකුටම දුරකතන ඇමැතුම් ලබා දෙමින් තමන් මේ තනතුරින් ඉල්ලා අස්වන බව සඳහන් කර ඇත.

– aruna
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka