වහාම රන්ජන් නිදහස් කරන්න! ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමය ජනපතිට දැනුම් දෙයි!
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දෙන ලෙස අන්තර් පාර්ලිමේන්තු සංගමය (IPU) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබේ.
අන්තර් පාර්ලිමේන්තු සංගමයෙහි පාලක සභාව මේ සම්බන්ධයෙන් ඒකමතිකව තීරණයක් ගෙන ඇත.
ඒ අනුව ඔවුන් රාමනායක මහතා සිරගත කිරීම සම්බන්ධයෙන් සභාව කරුණු නවයකින් යුත් තීරණයක් ගෙන තිබේ.
මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, තර්ජනය කිරීම්, බිය ගැන්වීම්, රඳවා තබා ගැනීමේ අමානුෂික කොන්දේසි, සාධාරණ නඩු විභාගයක් නොමැතිකම, අභියාචනා කිරීමට අයිතියක් නොමැතිකම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය කිරීම සහ පාර්ලිමේන්තු ජනවරම අනිසි ලෙස අවලංගු කිරීම හෝ අත්හිටුවීම එම කරුණු වේ.
සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් විඳිමින් සිටියි.
වහාම රන්ජන් නිදහස් කරන්න! ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමය ජනපතිට දැනුම් දෙයි!
2021-12-15T15:10:00+05:30
Gossip Lanka Hot News




