වව්නියාව ප්‍රදේශයේදී 33 හැවිරිදි අවිවාහක තරුණියක් වෙඩි තබා ඝාතනය කර තිබේ.
එම තරුණිය තම මව සමග යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී කැලෑබද මාර්ගයක දී මෙම වෙඩි තැබීම සිදු කර ඇත.
පොලිසිය පවසන්නේ මෙම තරුණිය සමග අනියම් සබඳතාවක් පැවැත්වූ විවාහකයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කොට ඇති බව පරීක්ෂණවලදී හෙළි වූ බවයි.
ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇති සැකකරු සොයා පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.