gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මහ මෝල්ලුන්ගේ අලුත් මගඩියක් හෙළිවෙයි

රජයේ අවසරයෙන් පෞද්ගලික ව්‍යාපාරිකයන් විසින් පිටරට සිට මෙරටට ආනයනය කරන නාඩු සහ සුදු කැකුළු සහල් කන්ටේනර් පිටින් මෙරට ප්‍රධාන පෙළේ හාල් මෝල් හිමියන් කිහිපදෙනෙකු විසින් මිලදී ගන්නා බවට පිටකොටුව තොග වෙළෙඳ පොළෙන් වාර්තා වේ.

ප්‍රධාන පෙළේ හාල්මෝල් හිමියන් කිහිපදෙනා විසින් එම සහල් මිලදී ගන්නේ ඔවුන්ගේ සහල් සමඟ කළවම් කර පසුව වැඩිමිලට වෙළඳ පොළට මුදාහැරීම සඳහා බවටද වෙළෙඳ පොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තොග වෙළෙඳුන් ඉදිරියේදී ආණ්ඩුවට පැමිණිලි කිරීමට නියමිත බව පිටකොටුව තොග වෙළෙඳ පොළ ආරංචි මාර්ග කියයි.

(දේශය)
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka