මහ මෝල්ලුන්ගේ අලුත් මගඩියක් හෙළිවෙයි
රජයේ අවසරයෙන් පෞද්ගලික ව්‍යාපාරිකයන් විසින් පිටරට සිට මෙරටට ආනයනය කරන නාඩු සහ සුදු කැකුළු සහල් කන්ටේනර් පිටින් මෙරට ප්‍රධාන පෙළේ හාල් මෝල් හිමියන් කිහිපදෙනෙකු විසින් මිලදී ගන්නා බවට පිටකොටුව තොග වෙළෙඳ පොළෙන් වාර්තා වේ.
ප්‍රධාන පෙළේ හාල්මෝල් හිමියන් කිහිපදෙනා විසින් එම සහල් මිලදී ගන්නේ ඔවුන්ගේ සහල් සමඟ කළවම් කර පසුව වැඩිමිලට වෙළඳ පොළට මුදාහැරීම සඳහා බවටද වෙළෙඳ පොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තොග වෙළෙඳුන් ඉදිරියේදී ආණ්ඩුවට පැමිණිලි කිරීමට නියමිත බව පිටකොටුව තොග වෙළෙඳ පොළ ආරංචි මාර්ග කියයි.
(දේශය)
මහ මෝල්ලුන්ගේ අලුත් මගඩියක් හෙළිවෙයි
2021-12-11T16:23:00+05:30
Gossip Lanka Hot News





