gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඩොලර් අතේ ඇති අයට මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සඳහන් කර ඇති ආකාර ඔස්සේ ලබා ගත් විදේශ මුදල් අත ඇති අයට එම මුදල් යෙදවීමට හැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳ දැනුම් දීමක් මහ බැංකුව විසින් කර තිබේ.

එහිදී මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ අදාළ විදේශ විනිමය, ඩොලරයක් රු. 210 බැගින් වන පරිදි රුපියල්වලට පරිවර්තනය කිරීම හෝ ඕනෑම බැංකුවක රුපියල් ගිණුමක තැන්පත් කළ හැකි බවයි.

තවද පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක හෝ විශේෂ තැන්පතු ගිණුමක තැන්පත් කිරීමට ද මහ බැංකුව මෙහිදී දිරිගන්වා ඇති අතර එසේ නැතහොත් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජනය කිරීමට ද මහ බැංකුව ආරාධනය කර ඇත. 



gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka