gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කිසිම ආහාර හිගයක් නෑ.. උදිත් ජයසිංහ බොරු කියන බව මහින්දානන්ද කියයි..

රට තුළ කිසිම ආකාරයක ආහාර හිගයක් ඇති නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. රට පුරා කෘෂිකර්ම නිලධාරීන්ගෙන් ලැබෙන තොරතුරු අනුව මහ කන්නයේ අස්වැන්න අඩු වන්නේ සියයට 25 කින් 30 කින් බැවින් ආහාර හිගයක් ඇතිවීමේ කිසිම හැකියාවක් නැතැයිද ඒ මහතා පැවසිය.

එළවළු පලතුරු සඳහා අවශ්‍ය පොහොර ජනවාරි මාසයේ දී ලැබෙන නිසා ඒවායේ හිගයක් ඇති වීමටද ඉඩ නැතැයි ඔහු සඳහන් කරයි.

ඒ නිසා ආහාර හිගයක් ඇති වෙතැයි ඇතැම් පිරිස් පළකරන අදහස් ප්‍රතික්ෂේප කරන බවද ඔහු කියා සිටියේය.

මේ අතර කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා සඳහන් කරන්නේ ස්ථිර වශයෙන්ම ඉදිරියේදී ආහාර හිගයක් ඇති වන බවයි.

ඇතැම් විට ආහාර ලබා දීම සීමා කිරිමට වනු ඇතැයිද ඔහු කියා සිටියේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka