gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පීබී ඉල්ලා අස්වීම දෙයි; ඩීල් කාරයෝ ගැනත් හෙළිකරයි!

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සිය ධුරයෙන් නිදහස් කරන ලෙස ඉල්ලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විශේෂ ලිපියක් යොමුකර ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිතුමාගෙන් ඔහු වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ ඔහුගේ අභිමතය පරිදි 2022 ජනවාරි මස 31දා සිට තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අවසර පතන බව යැයිද "දේශය" පුවත්පත වාර්තා කර ඇත.

ජනාධිපති ලේකම් ධුරය සීමිත කාලයක් දැරීමේ එකඟතාව මත එම තනතුරට පත්වූ ඔහු මේ වනවිට වසර දෙකක් ජනාධිපති ලේකම් ධුරය දරා ඇත.

එම කාලයේ තමන්ට මුහුණ දීමට සිදුවූ දුෂ්කරතා හා ගැටලු ගැනද, ඔහුට පීඩනය එල්ලකළ කිහිපදෙනෙකු ගැනද ඔහු සිය ලිපිය මගින් ජනාධිපතිවරයාට කරුණු දක්වා ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් විමසීමට අප ශ්‍රී ලංකා මිරර් දුරකථනය ඔස්සේ ආචාර්ය ජයසුන්දර මහතා සම්බන්ධකර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.

අදාළ කරුණ විමසා ඔහුට කෙටි පණිවුඩයක් යොමුකළ ද ඒ සඳහා ද මෙතෙක් පිළිතුරු නොලැබිණි. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka