gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ස්වර්ණවාහිනිය හා මව්බිම පුවත්පත එක්වේ .... !

සුබාෂ්කරන් අලි රාජා මහතාට අයත් ස්වරණවාහිනී මාධ්‍ය ජාලය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාට අයත් මව්බිම පුවත්පත ඉදිරියේදී එක්වීමට නියමිත බව වාර්තා වේ. 

මේ සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට මූලික එඟතා සියල්ලට පැමිණ ඇති අතර ඉදිරි කටයුතු මේ වනවිටත් සිදුවෙමින් පවතින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

ඒ අනුව මෙරට පුවත්පත් මාධ්‍යයක් ද හිමිකර ගත් දෙවැනි රූපවාහිනී මාධ්‍ය ජාලය බවට ස්වර්ණවාහිනිය පත්වෙනු ඇත. 

මව්බිම පුවත්පත තමන් සමග එක් කර ගැනීම සඳහා මීට පෙර සිරස මාධ්‍ය ජාලය ද උත්සාහයක් දැරූ නමුත් එය සාර්ථක වූයේ නැත. එහෙත් මේ වනවිට ස්වර්ණවාහිනියේ සුබාෂ්කරන් අලි රාජා මහතා තම උත්සාහය සාර්ථක කරගෙන ඇත. 

ඒ අනුව මෙහි පළමු පියවර වශයෙන් මව්බිම කර්තෘ මණ්ඩල උපදේශකවරයාව සිටි ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සිසිර පරණතන්ත්‍රී මහතාට එම තනතුරින් ඉවත්වීමට සිදුව ඇති අතර ඒ වෙනුවට ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී, ස්වාධීන රූපවාහිනී ආයතනයේ හිටපු සභාපති ගයිරුක පේරුසිංහ මහතා පත්කිරීමට නියමිත බවත් ආරංචිමාර්ග සඳහන් කළේය. 

එහෙත් මේ පත්වීම පිළිබඳව මාධ්‍ය කළ විමසීමකදී ගයිරුක පේරුසිංහ මහතා මෙය සත්‍යයක් නොවන බව පවසා තිබිණි. එම ආරචිය ප්‍රතික්ෂේප කරමින් ඒ මහතා සඳහන් කර තිබුණේ එය හුදෙක් කටකතාවක් පමණක් බවකි. 

කෙසේවෙතත් ස්වර්ණවාහිනිය සහ මව්බිම එක්වීම, දෙරණ මාධ්‍ය ජාලයේ අරුණ පුවත්පත මෙන් හොඳ සුසංයෝගයක් වනු ඇත. 
-lankanewsweb
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka