ඉන්දියාවෙන් ඩොලර් බිලියන 1.5ක ණයක්.. කොන්දේසිය මිලදී ගැනීම් සියල්ල ඉන්දියාවෙන් පමණයි..
ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන එක හමාරක ණය පහසුකමක් ලබාදීමට එකඟතාව පළකර තිබේ. පිරිපහදු කළ ඉන්ධන, ඖෂධ අත්‍යවශ්‍ය ආහාර මිලදී ගැනීම සඳහා මෙම ණය පහසුකම් හිමි වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය පහසුකම ලබාදෙන්නේ පිරිපහදු කළ ඉන්ධන මිලදී ගැනීම සඳහාය.
ඉතිරි ඇමරිකානු ඩොලර් බිලියන 1 ක මුදල ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලට ගැනීම වෙනුවෙනි.
නමුත් මෙම ණය පහසුකම භාවිතා කළ හැකි වන්නේ ඉන්දීය නිෂ්පාදන මිලදී ගැනීමට පමණක් යයිද වාර්තා වෙයි.
ඉන්දියාවෙන් ඩොලර් බිලියන 1.5ක ණයක්.. කොන්දේසිය මිලදී ගැනීම් සියල්ල ඉන්දියාවෙන් පමණයි..
2021-12-09T07:15:00+05:30
Gossip Lanka Hot News





