බලශක්ති ව්‍යාපෘති සදහා උතුරේ දූපත් තුනක් අදානිට…. චීනය හැර ගිය හේතුව එයයි…
උතුරු පළාතේ දූපත් තුනක සූර්ය සහ සුළං විදුලි බල ව්‍යාපෘති තුනක් ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමට සූදානමක් ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා මුදල් ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම්දීමක් සිදුකර ඇති බවද ඔහු පැවසීය.
චීන සමාගමක් විසින් මෑතකදී අතහැර දමන ලද ව්‍යාපෘති තුන ඉන්දියාව වෙත ලබාදීමට මෙසේ සූදානම් වන බවද මන්ත්‍රීවරයා කියා සිටියේ ය.
සිය පක්ෂ කාර්යාලයේ දි මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
අදාල ව්‍යාපෘති අතහැර දැමීම ගැන කොළඹ චීන තානාපති කාර්යාලය මෑතකදී නිවේදනය කලේ තුන්වන පාර්ශවයකින් පැමිණිය හැකි ආරක්ෂක හේතු මත එම ව්‍යාපෘතිය මාලදිවයින් දූපත් හි ස්ථාපනය කිරීමට ගිවිසුම් අත්සන් තැබූ බවයි.
බලශක්ති ව්‍යාපෘති සදහා උතුරේ දූපත් තුනක් අදානිට…. චීනය හැර ගිය හේතුව එයයි…
2021-12-06T22:17:00+05:30
Gossip Lanka Hot News





