gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තෙල් මිල වැඩි කළ බැසිල්ට ඉල්ලා අස්වෙන්නැයි බලපෑමක්!

ජනතාව ආර්ථික වශයෙන් බරපතල පීඩාවකට පත්ව සිටින මොහොතක තෙල් මිල ඉහල දැමු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට වහාම සිය ඇමති ධුරයෙන් ඉල්ල අස්වෙන්නැයි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වලින් යෝජනාවක් ඉදිරිපත් වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ඊට අදාල මාධ්‍ය නිවේදනය මේවනවිටත් කෙටුම්පත් කරමින් සිටින බවත්, ලෝක වෙළඳපොලේ තෙල් මිල ගණන් පහත යද්දී මෙසේ මෙරට තෙල් මිල වැඩිකිරීම හවුල්කාර පක්ෂවල දෝෂ දර්ශනයට ලක්ව ඇතැයි ද ලීඩර් වාර්තා කර තිබේ.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පෙරේදා (20) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉතා ඉහල අගයකින් ඉන්ධන මිල ඉහළ දැමු අතර ඒ අනුව ලංකා IOC සමාගමත් ඊයේ (21) දිනයේ සිට සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමේ ගිවිසුමට විරෝධය දක්වමින් කැබිනට් අමාත්‍යවරු තිදෙනෙක් ප්‍රමුඛ හවුල්කාර පක්ෂ 11ක් මේවන විටද විරේධයක් දක්වා ඇත.

එසේම ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ පිවිතුරු හෙළ උරුමයේ නායක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල යන කැබිනට් අමාත්‍යවරු මේවන විට එම ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka