කෙරවළපිටියේ පිහිටි ලිට්රෝ ගෑස් සමාගමේ පරිශ්‍රය ඉන්දීය ජාතිකයින් ඇතුළු පිරිසක් විසින් පසුගිව නොවැම්බර් 22 වැනිදා නිරීක්ෂණයට ලක්කර ඇතැයි වාර්තා වේ.
ලිට්රෝ සමාගම් කළමනාකාරිත්වයේ ඉහළ නිලධාරියකු එම නියෝජිත පිරිස සමඟ මෙම නිරීක්ෂණයට සහභාගි වී ඇති අතර එහිදී ලිට්රෝ ගෑස් පිරවීමේ පර්යන්ත ඇතුළුව එම පරිශ්‍රයට අයත් ඉඩමේ මායිම් පිළිබඳ පරික්ෂා කිරීම් ඉන්දීය ජාතිකයින් විසින් සිදුකර තිබේ.
ගෑස් ආනයනය කිරීමට ඩොලර් නොමැතිව අර්බුදයකට ලක්වී සිටින මේ අවස්ථාවේ සමාගමේ අයිතියේ කොටසක් ඉන්දිය සමාගමකට ලබාදීම මගින් ගෑස් ගෙන්වීමේ අර්බුදය විසඳා ගැනීමට එම සමාගමේ කොටස් විකිණීමට සැලැසුම්කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ලිට්රෝ හි සියයට සියයක පූර්ණ අයිතිය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතු බැවින් සංස්ථාවේ ආයෝජනයක් වශයෙන් ලබාගෙන ඇති කොටස් අයිතිය විකිණීමේ කිසිදු බාධාවක් නොමැති බවද මේ අතර වාර්තා වේ.
මූලාශ්‍රය - අනිද්දා