වාසු-විමල්-උදය ඇමති ධුරවලින් නෙරපිය යුතුයි..- ශ්‍රේෂ්ඨධිකරණයේ කරුණු ගොනු කරයි..
වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන ඇමතිවරුන් අමාත්‍ය ධුර වලින් ඉවත් කළ යුතුව ඇතැයි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවේ දී කරුණු ඉදිරිපත් කරමිනි.
ඒ මහතා කරුණු දැක්වූයේ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් හා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් වෙනුවෙනි.
කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කැඩූ එම ඇමතිවරුන් තිදෙනා අමාත්‍ය මණ්ඩල ප්‍රධානියා විසින් ඉවත් කළ යුතුව ඇතත් මෙතෙක් එය සිදු කර නැති බවද ඔහු සඳහන් කළේය.
වාසු-විමල්-උදය ඇමති ධුරවලින් නෙරපිය යුතුයි..- ශ්‍රේෂ්ඨධිකරණයේ කරුණු ගොනු කරයි..
2021-12-17T13:08:00+05:30
Gossip Lanka Hot News




