හෙද සභා නිලවරණයෙන් ජවිපෙ කණ්ඩායමට දැවැන්ත ජයක්.. ප‍්‍රතිශතය 66%යි..
ශ්‍රී ලංකා හෙද සභාවට සාමාජිකයන් පස් දෙනෙකු තෝරා පත්කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමෙන් ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ලබන කණ්ඩායම ඉහළම ජයග්‍රහණයක් වාර්තා කර තිබේ.
හෙල නිලධාරීන්ගේ ඡන්දයෙන් තෝරාපත් කරගන්නා සාමාජිකයන් පස් දෙනාගෙන් හතර දෙනකු ම ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලබන සමස්ථ ලංකා හෙද සංගමයන් පත්ව ඇත්තේ 66%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමිනි.
ඊට අමතරව ජයග්‍රහණය කර ඇත්තේ ස්වාධීනව තරග කරන ලද කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු නිලධාරිනි පුෂ්පා රම්‍යා ද සොයිසා මහත්මියයි.
පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය 18% ක ප්‍රතිශතයක් සහ සමන් රත්නප්‍රිය මහතා මෙහෙයවන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය 16% ක ප්‍රතිශතයක් ලබා ගෙන ඇත.
ශ්‍රී ලංකා හෙද සභාවට තවත් ක්‍ෂෙත‍්‍ර කිහිපයකින් නිලවරණ පවත්වා සාමාජිකයන් හය දෙනකු තෝරා ගන්නා අතර නිල බලයෙන් තවත් ක්ෂේත්‍ර නියෝජනය කරන අටදෙනෙකු පත් වෙයි.
සමස්ත හෙද සභාවේ නියෝජනය වන්නේ දහ නව දෙනෙකි.
හෙද සභා නිලවරණයෙන් ජවිපෙ කණ්ඩායමට දැවැන්ත ජයක්.. ප‍්‍රතිශතය 66%යි..
2021-12-13T22:50:00+05:30
Gossip Lanka Hot News




