gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවට කෝටි 517ක් පාඩුවන තවත් ඩීල් එකක්

වැලිකඩ බන්ධනාගාරය පිහිටි අක්කර 42ක ඉඩම බදු දීමෙන් ලැබෙන මුදල රුපියල් කෝටි 2,630යි.
වැලිකඩ බන්ධනාගාරය ඇතුළු අක්කර 42ක ඉඩමේ පිහිටි ආයතන ප්‍රතිස්ථාපනය කිරීමට වැය වන මුදල් රුපියල් කෝටි 3,147යි. වැලිකඩ බන්ධනාගාරය පිහිටි අක්කර 42ක ඉඩම දිගු කාලීන බදු පදනම යටතේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සදහා ලබා දී එහි පිහිටි ආයතන වෙනස් ස්ථානවල ප්‍රතිස්ථාපනය කිරීමෙන් රජයට රුපියල් කෝටි 517ක පාඩුවක් සිදුවන බව වාර්තා වේ.

වැලිකඩ බන්ධනාගාරය එම ස්ථානයෙන් ඉවත් කර හොරණ මිල්ලනිය ප්‍රදේශයේ අක්කර 280ක පමණ ඉඩමක ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර බන්ධනාගාර මූලස්ථානය බත්තරමුල්ලේත් නිල නිවාස සංකීර්ණය මාලබේ ප්‍රදේශයේත් ඉදිකිරීමට යෝජනා වී ඇත.

මෙම ව්‍යාපෘති තුන වෙනුවෙන් වැය වන මුදල වැලිකඩ බන්ධනාගාරය පිහිටි ඉඩම බදු දීමෙන් ලැබෙන මුදලින් පියවාගැනීමටද යෝජනා කර තිබේ.

එම ඉඩම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා දිගුකාලීන බදු පදනම මත ලබාදීමෙන් රුපියල් කෝටි 2,630ක පමණ මුදලක් ලබාගැනීමට ඇස්තමේන්තු කර ඇති අතර වැලිකඩ බන්ධනාගාරය හොරණ මිල්ලනියට ගෙන යාම, මූලස්ථානය බත්තරමුල්ලේ ඉදි කිරීම සහ නිල නිවාස සංකීර්ණය මාලඹේ ඉදිකිරීම යන ව්‍යාපෘති තුන සහ ඉඩම් පවරා ගැනීම සඳහා රුපියල් කෝටි 3,147ක පමණ මුදලක් වැය වනු ඇතැයි ගණන් බලා ඇත.
-lankatruth
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka