gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

යාපනේ තරුණයෙක් සරුංගලය සමග අඩි 40ක් උඩ ගොස් බිමට වැටෙයි….[Video]

යාපනය පේදුරුතුඩුව පොලිස් වසමේ පූලෝලි ප්‍රදේශයේ තරුණියින් පිරිසක් ඊයේ (20) දින සරුංගල් යවමින් සිටියදී විශාල සරුංගලයක් සමග තරුණයෙකු අඩි 40 ක් පමණ ගුවනට ඇදගෙන ගොස් ඇති බවට වාර්ථා වෙයි.

අදාල තරුණියින් පිරිස විශාල සරුංගල් කිහිලයක් ගුවනට යැවීම සඳහා එහි නූල් එකම කඹයක බැඳ ඇති අතර සරුංගල් අතර තිබූ විශාල සරුංගයක් එකවරම සුලං හේතුවෙන් ගුවනට යාමෙන් කඹය අල්ලා සිටි තරුණයෙකුද කඹය සමග ගුවනට ඇදගෙන ගොස් ඇත.

එහිදී බිම සිට අනෙක් තරුණයින්ට කඹය අල්ලා ගැනීමට හැකි වූ අවස්ථාව වන විටත් සරුංගලය සමග ඇදී ගිය තරුණයා අඩි 40 ක් පමණ උසකට ගොස් තිබූ අතර තරුණයා සමග කඹය ඇදීම දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ අතර එතෙක් ගුවනට ඇදී ගිය තරුණයා කඹයේ එල්ලී සිටීමද විශ්මය ජනක විය.

කෙසේ වෙතත් සරුංගලය සමග කඹයේ එල්ලී සිටි තරුණයා අඩි 10 ක් පමණ උසක් ආසන්නයට ඇදගැනීමට බිම සිටි තරුණයින් සමග් වූ අවස්ථාවේදී කඹයේ එල්ලී සිටි තරුණයා බිමට පැන ඇති අතර එම අවස්ථාවේම තරුණයා පේදුරුතුඩුව රෝහලට රැගෙන ගොස් ඇත.

කෙසේ වෙතත් බිමට පැන්න තරුණයාට එතරම් හානියක් සිදු නොවී සුලු තුවාල පමණක් සිදුවීමද වාසනාවක් බවටද ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka