gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිට පිස්සු කියලා වුණත් කියන්න පුළුවන් තරම් ප්‍රජාතන්ත්‍රවාදයක් රටේ තියෙනවා - ජොනී (VIDEO)

රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැතැයි යනුවෙන් විපක්ෂය කරන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍යය බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. 

"තමුන්නාන්සෙලා කියනවා දූෂණය, දූෂණය, හොරකම, හොරකම, පොහොර වලින් හොරකම් කෙරුවා කියනවා එහෙම නැත්නම් වෙන එකකින් හොරකම් කෙරුවා කියනවා. තමුන්නාන්සෙලා ගිහිල්ලා පැමිණිලි කරන්න. අපේ කාලෙ අපි පැමිණිලි කෙරුවා ඒ අවශ්‍ය ලිපිලේඛන ඔක්කොම එක්ක. ඒ හැම කෙනෙක්ම අද බේරිලා තියෙන්නෙ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ කිසිදෙයක් තල්ලු කරන්නෙ නෑ. එතුමා බලන්නෙ මේ රට හදන්න. මේ රට ගොඩනගන්න. පළිගන්න නෙවෙයි. 

ඒ නිසා හුඟාක් අය හදනවා එතුමාව අවුස්සා ගන්න. අද ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැයි ලු. අද මොන තරම් ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවාද කියනවා නම් එතුමාට පිස්සා කියලා කියන්න පුළුවන් තරම් ප්‍රජාතන්ත්‍රවාදයක් අද එතුමා මේ රටේ ඇතිකරලා තියෙනවා කියන එක මම තමුන්නාන්සෙලාට මතක් කරන්න කැමතියි. අපි ඕවාට කලබල වෙන්නෙ නෑ. පිස්සො පිස්සො කියලා කිව්වාට අපි ඔව්වා ගැන කලබල වෙන්න එන්නෙ නෑ. 

ඊළඟට එතුමාගෙ නම ගැනත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හුඟාක් අයට එතුමාගෙ නම හොයාගන්න පුළුවන් වුණේ අවුරුදු එකහමාරක් ගියායින් පස්සෙ තමයි නන්දසේන කියලා. එතුමාගෙ නමත් ප්‍රශ්නයක්. සමහරුන්ට එතුමා බොහොම සරල ලෙස ඇවිල්ලා දිවුරුම් දෙන්න එද්දී පාර්ලිමේන්තුවට එතුමාගෙ වැරැද්දක් හැටියට දැක්කෙ සුදු ඉර කැපුවා කියලා. දෙවැනි දවසෙ මහා ලොකු ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කිව්වා ජනාධිපතිතුමා සුදු ඉර කපලා ආවා කියලා. 

ඉතිං ජනාධිපතිතුමා සරල වුණාමත් ප්‍රශ්නයක්. එතුමා නිකම් ෂර්ට් එකක් ඇඳගෙන ආවත්, එහෙම නැත්නම් එතුමා වෙඩිමුර තිබ්බෙ නැත්නම්, තේජස්වන්ත කමෙන් ඇවිල්ලා දිවුරුම් දුන්නෙ නැත්නම් කතා කෙරුවෙ නැත්නම් ඒකත් සමහර අයට ප්‍රශ්නයක්, හරි ගෞරවයක් තිබුණෙ නෑ කියලා" 

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඊයේ (22) පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදය අතරතුර අදහස් දක්වමිනි. 

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka