gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩොලර් නැති නිසා ආණ්ඩුවත් දැන් වලිගය නැති ගොනා වගේ – ගම්මන්පිල

මිල පාලනයක් පවත්වාගත නොහැකි තත්ත්වයකට මේ වන විට ආණ්ඩුව පත් ව ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පවතින ඩොලර් අර්බුදය ඊට හේතු වී ඇති බව ය.

“මේ ඩොලර් නැති හින්දා තමයි ගෑස්, කිරිපිටි, සිමෙන්ති හිඟය ඇති වෙන්නේ ආණ්ඩුවට මිල පාලනය පවත්වාගෙන යන්න බැරි වෙලා තියෙනවා. එතකොට ඩොලර් හිඟයෙන් ඩොලර් දුප්පත්කමෙන් ආණ්ඩුව පෙළීම නිසා ආණ්ඩුව ත් දැන් වලිගය නැති ගොනා වැනී,” යනුවෙන් ඔහු සඳහන් කළේ ය.

මෙහිදී ඉන්ධන මිල සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් යොමු කළේ ය.

ඊට පිළිතුරු ලබා දෙමින් උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.

“මේ අයවැය මාසේ ඉන්ධන මිල තීරණය කිරීම ගරු මුදල් ඇමතිතුමාට භාරයි. තෙල් සංස්ථාවට සහනාධාරයක් දෙනවා ද? එහෙම නැත්නම් ඉන්ධන මිල වැඩි කරනවා ද? එහෙමත් නැත්නම් ඉන්ධන මත තිබෙන බදු අඩු කරනවා ද? කියන එක තීරණය කිරීම මුදල් අමාත්‍යතුමා විසින් ප්‍රකාශ කරාවි.”

ඔහු සඳහන් කළේ, මේ වන විට රටේ භුමිතෙල් ඉල්ලුම දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ය.

දෛනිකව භූමිතෙල් මෙට්‍රික් ටොන් 550ක් අලෙවි වන බව ත් භූමිතෙල් විකිණීමෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිනකදී රුපියල් මිලියන 23ක පාඩුවක් දරන බවත් උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ය.

“පසුගිය නොවැම්බර් 3 වන දා විදුලි වැඩ වර්ජනයක් හේතුවෙන් රටේ විදුලිය ඇණහිටලා අඳුරට යනවා ය කියලා කටකතාවක් පැතිරුණා. ඒ නිසා ආරක්ෂාකාරී පියවරට රටේ හැමෝ ම භූමිතෙල් මිල දී ගන්න පෙළඹුණා. ඉතා ම සුළු පිරිසක් මිල දී ගනිමින් සිටි ඉන්ධන වර්ගයක් වන භූමිතෙල් හදිසියේ සමස්ත ජාතිය ම මිල දී ගන්න පෙළඹුණු නිසා තමයි ක්ෂණික භූමිතෙල් හිඟයක් ඇති වුණේ,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka