gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ටින්කර් ලසන්ත අපරාධ කර ඇත්තේ බිරිඳට හොරෙන්!

පසුගියදා පොලිස් වෙඩි පහරින් කලූතරදී ජිවිතක්ෂයට පත්වු ලූණුවිලගේ වසන්ත නොහොත් "ටින්කර් ලසන්ත" නැමැත්තාගේ දේහය මාතර , කැකණදුර ප්‍රදේශයේ පවුලේ සුසාන භුමියේදි ඊයේ (28) භුමදානය කරනු ලැබිය.

මාතර, මිරිස්ස ප්‍රදේශයේ පදිංචි සංවිධානත්මක කල්ලි සමාජික සන්ෂයින් සුද්දාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස හදුනාගෙන සිටි ඔහුගේ දේහය පෙරේදා නිවසට ගෙනඑන අවස්ථාවේ ප්‍රදේශයේ ජනතාව රතිඥ්ඥා දල්වමින් බැනර් ප්‍රදර්ශනය කරමින් පාතාල සමාජිකයෙකුගේ මරණයට රජයට ස්තුති කරමින් ප්‍රීතිඝෝෂා පවත්වා තිබේ.

සන්ෂයින් සුද්දා හෙවත් අමිල ප්‍රසංග නම් පාතාල කල්ලි සමාජිකයා පසුගිය සැපතැම්බර් 03 වැනිදා මාතර කොටවිල වරකපිටිය ප්‍රදේශයේදි වෙඩි තබා ඝාතනය කර තිබු අතර ටින්කර් ලසන්ත එහි ප්‍රධාන සැකකරු ලෙස පොලිසිය සොයමින් සිටි අයෙකි .

එසේම ජිවිතක්ෂයට පත් මාකදුරේ මදුෂ් හා දැනට විදේශගතව සැගවි සිටින පාතාල කල්ලි සමාජික හරක් කටාගේ සමිපතමයෙක් ලෙස සහ කුලියට මිනිමැරුම් සිදුකරන හා මහාපරිමානයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස පොලිසිය හදුනාගෙන සිටි අයෙකි.

කෙසේවුවද, ‘‘කලුතර අපි අලුත් ගෙදරකට ගියා. උදේ 10 ට විතර ඒ ගෙදරට කාර් වලින් වාහන වලින් පොලිසියෙන් ඇවිල්ලා එක පාරට වටකරලා මහත්තයා පස්සෙ එලවන් ගියා. ඊට පස්සෙ මුකුත් දැක්කෙ නැහැ. වෙඩි සද්දේ විතරයි ඇහුනේ." යනුවෙන් ටින්කර් ලසන්ත ගේ බිරිද වන චම්පා ශාමලි මහත්මිය මෙම සිදුවීම සම්බන්ධව මාධ්‍යට අදහස් දක්වමින් පවසා තිබේ.

ඇය වැඩිදුරටත් මෙසේද පවසා ඇත.

"ඊට පස්සෙ මමයි දරුවයි ඇදක් යටක හැන්ගිලා හිටියේ, අපිව ඉන්නවා දැකලා අපිවත් එලියට අරන් ඔක්කොම චෙක්කරා. මහත්තයා කලින් කියලා තිබුනා මට මොනවහරි වුනොත් සල්ලි වගයක් තියෙනවා කියලා මම දැනන් හිටියේ නෑ තිබුන තැන.

අපේ ඇදයට තිබිලා ලක්ෂ26 ක් එකත් අරන් ගියා එච්චරමයි දුවට කියලා තිබුනේ. මං දන්නැ දෙයියනේ මොනව වුනාද කියලා. ඊට පස්සෙ අපිවත් පොලිසියට එක්ක ගිහින් හවස ආයේ ගෙදරට ගෙනත් ඇරලලා තාත්තත් එවන්නමි කියලා ගියා. අපිට ඊට පහුවෙන්දා පොලිසියට එන්න කියලත් කිවුවා. මායි දරුවයි උදේ 6 වෙනකොට ගියා පොලිසියට එත් අපිට මුකුත් කිවුවෙ නැහැ.

ප්‍රවෘත්ති වලින් තමයි අපි දැක්කේ මෙහෙම දෙයක් කරලා කියලා. අනේ මම දන්නෑ එයා අපරාධ කරනවද කියලා එයා මුකුත් අපිත් එක්ක කියන්නෙ නැහැ. මහත්තයා වරදක් කරලා තියෙනම් හිරේ දාන්න තිබුණා, දෙන දඩුවමක් දෙන්න තිබුනා මරන්නෙ නැතුව, අද දරුවට තාත්තා කෙනෙක් නැහැ’’


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka