gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තත්ත්වය තවමත් අවදානම්! කඩුගන්නාව දින නියමයක් නැතිව වසා දමයි!

කොළඹ – මහනුවර කඩුගන්නාව මාර්ගය දින නියමයක් නොමැතිව වසා තැබීමට තීරණය කළ බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසුරිය මහතා පවසයි.

ඒ අද (15) පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා,  කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයාමට ලක්වූ ස්ථානය අද පෙරවරුවේ නිරීක්ෂණය කළේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා,

“ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් සහ ගරු ආණ්ඩුකාරතුමත් සම්බන්ධ වුණා ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යතුමන්ලත් සම්බන්ධ වුණා. ඒ අය අපට දැනුම් දුන්නා මේ සම්බන්ධව දැනට අවදානම් සහගත තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා මාර්ග සංවර්ධන අධිකාරියත් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයත් ඒකාබද්ධව ඉදිරියේ දී ගතයුතු තීරණය අමාත්‍යාංශයට දැනුම් දුන්නාට පසුව මාර්ගය විවෘත කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බව. දැනට එම තීරණය ගන්නා තුරු තාවකාලිකව මාර්ගය වසා තැබෙනවා. විශේෂඥ කණ්ඩායම්වල තීරණය අනුව ඉදිරියේ දී අමාත්‍යාංශය විසින් තීරණයක් ගනී. දැනට අපි කලින් කිව්ව විදියට මාවනැල්ල – හෙම්මාතගම ගම්පොළ හරහා මාර්ගයත්, අඹේපුස්ස – අලව්ව – පොල්ගහවෙල මාර්ගයත් තමා විකල්ප මාර්ග ලෙස හඳුන්වා දී තියෙනවා.”


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka