ආණ්ඩුවට කොන්දේසි දමන්න ශ‍්‍රීලනිපය තීරණය කරයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට දැනට ඉල්ලීම් ඉදිරිපත් කරන පක්ෂයක් වුවද ඉදිරියේ දී ආණ්ඩුවට කොන්දේසි දමන පක්ෂය බවට පත් වන බව එම පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා සඳහන් කරයි.
ආණ්ඩුවේ ප‍්‍රබලම හවුල්කාර පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වුවද ඒ සඳහා නිසි තැන මේ ආණ්ඩුව ලබාදී නැතැයි ද ඔහු චෝදනා කළේය.
පක්‍ෂයට නිතරම ලැබෙන්නේ අඩු සැලකිල්ලක් බවත් ඒ මහතා සඳහන් කළේ ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
එම තත්ත්වය මත ඉදිරියේදී ආණ්ඩුවට කොන්දේසි දමන පක්ෂයක් බවට පක්ෂය පත් කරවන බවද පැවසූ ඔහු ඒ සඳහා නිසි වේලාව පැමිණි විට ක්‍රියාමාර්ග ගන්නා බවත් දැනට කලබලයක් හදිසියක් නැති බවත් සඳහන් කළේය.
ආණ්ඩුවට කොන්දේසි දමන්න ශ‍්‍රීලනිපය තීරණය කරයි
2021-11-10T07:51:00+05:30
Gossip Lanka Hot News






