gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඒ පාර ලේකම් එක්ක මහින්දානන්ද වළියක් දාගෙනද... ලේකම් රසායනික පොහොර ගේනවලු - මහින්දානන්ද එහෙම තීන්දුවක් අරන් නැතිලු

වී සහ එළවළු වගාවන් සඳහා රසායනික පොහොර ගෙන්වීමට රජය මේ දක්වා කිසිඳු තීරණයක් ගෙන නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලංකාදීපයට පැවසීය.

ශාක පෝෂක රසායනික පොහොරක් ගෙන්වන බවට පළවන තොරතුරු වල කිසිදු සත්‍යතාවයක් නැතැයි ද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

ජනතාවගේ සුබ සිද්ධිය තකා ක්‍රියාත්මක කළ කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ වැඩසටහනේ ආපසු හැරවීමක් ගැන මේ වන තෙක් රජය කිසිඳු ප්‍රතිපත්ති තීන්දුවක් ගෙන නැතැයිද කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

කෙසේවෙතත් කෘෂිකර්ම අමාත්‍යංශ ‌ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා ඊයේ ප්‍රකාශ කර සිටියේ රසායනික පොහොර ආනයනයට අවසර දුන් බවකි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka