ජනතාව නැතිබැරිකමට පුරුදුවිය යුතුයි… ඉදිරියට එන්නේ අමාරුම කාලයක්.. බඩු මිල තව ඉහල යනවා - එස්.බී දිසානායක
නැති බැරි කම් වලට මුහුණ දෙන්න දෙන්න ජනතාම පුරුදු විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි. මාස ගණන් රට වසා තිබූ නිසා නිසා අද මේ තත්ත්වයෙන් හෝ බේරා ගෙන ඇති බවත් පැවසූ ඔහු නමුත් එක් දිනක් රට වැසූ විට රුපියල් කෝටි හාරසිය පනහක පමණ පාඩුවක් රජයට සිදුවන බව ද ඔහු පැවසීය.
ඉදිරියට එන්නේ අමාරු කාලයක් බඩුමිල ඉදිරියේදී ඉහළ යනු ඇති බවත් ඉන්ධන මිල තවත් ඉහළ යනු ඇති බවත් ඒ මහතා සදහන් කලේය.
නැති බැරි කම් වලට බොහෝ තවත් මුහුණ දීමට සිදු ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේ පූඩළුඔය ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.
කෙසේ වෙතත් ලබන වසර අවසන් වන විට මෙම කරදරකාරී තත්ත්වයෙන් මිදී නැවතත් රට නැගිටුවන්නට පුළුවන් වේ යැයි විශ්වාස කරන බවද ඔහු පැවසීය.
ජනතාව නැතිබැරිකමට පුරුදුවිය යුතුයි… ඉදිරියට එන්නේ අමාරුම කාලයක්.. බඩු මිල තව ඉහල යනවා - එස්.බී දිසානායක
2021-11-05T12:13:00+05:30
Gossip Lanka Hot News






