බැඳුම්කර හොරු ගසා කෑ ධනය නැවතත් ජනතාවට… පර්පචුවල් ට්‍රෙෂරීස් කෝටි 850ක් රාජසන්තකයි!
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ආන්දෝලනාත්මක බැඳුම්කර වැඩපිළිවෙළින් උපයා ගත් රුපියල් කෝටි 850ක මුදලක් රාජසන්තක කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යෝජනා කළේය.
ඒ ඊයේ (12) 2022 අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.
පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ දෙවරක් බැඳුම්කර ගනුදෙනු ඔස්සේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයුතු ලාභ උපයා ගැනීමට අවස්ථාව ලබා දුන් බවට චෝදනා නැඟිණි.
එවකට මහ බැංකු අධිපතිවරයා වූයේ සිංගප්පූරු ජාතික අර්ජුන් මහේන්ද්‍රන් වන අතර පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ඔහුගේ පුතු වන අර්ජුන් ඇලෝසියස් සතු සමාගමකි.
මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ දෙවෙනි අයවැය වන අතර බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමැතිවරයා ලෙස පත් වීමෙන් පසු ඉදිරිපත් කරනු ලැබූ ඔහුගේ මංගල අයවැයයි.
බැඳුම්කර හොරු ගසා කෑ ධනය නැවතත් ජනතාවට… පර්පචුවල් ට්‍රෙෂරීස් කෝටි 850ක් රාජසන්තකයි!
2021-11-13T08:19:00+05:30
Gossip Lanka Hot News






