'කිසිම ජන්දයක් තියන්න එපා' - යූ.එන්.පී. සභාපතිගේ අරුම පුදුම ඉල්ලීම!
රට ප්‍රශ්න රැසකට මුහුණ දී සිටින බැවින් පළාත් සභා මැතිවරණය හෝ වෙනත් මැතිවරණයක් පැවැත්වීම සදහා මේ මොහොතේ ප්‍රමුඛත්වය නොදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී කියා සිටියේ මේ අවස්ථාවේදී ඡන්ද පොළට යාමට පෙර ඡන්දදායකයින්ට ආහාර ලබාදිය යුතු බවයි.
“දරුවන්ට කන්න දෙන්න බැරිව අම්මා කෙනෙක් දරුවෝ එක්ක සියදිවි හානි කරගෙන කියලා මට ආරංචි වුණා. අද ජාතිය මුහුණ දෙන අර්බුදය විසඳා නොගතහොත් මෙවැනි පුවත් අපට තවත් අසන්නට ලැබේවි,” ඔහු පැවසීය.
'කිසිම ජන්දයක් තියන්න එපා' - යූ.එන්.පී. සභාපතිගේ අරුම පුදුම ඉල්ලීම!
2021-11-01T13:19:00+05:30
Gossip Lanka Hot News






