වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ගංවතුර අනතුරු ඇඟවීමක්! දිස්ත්‍රික් 09ක් නායෙ යෑම් අවදානමේ!
වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගංගා ද්‍රෝණි 9ක් ආශ්‍රිතව පූර්ව ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ඒ අනුව දැදුරු ඔය ද්‍රෝණිය, මහා ඔය ද්‍රෝණිය, අත්තනගලු ඔය ද්‍රෝණිය, කැලණි ගං ද්‍රෝණිය, කළු ගං ද්‍රෝණිය, බෙන්තර ගං ද්‍රෝණිය, ගිං ගං ද්‍රෝණිය, නිල්වලා ගං ද්‍රෝණිය හා කලා ඔය ද්‍රෝණිය ආශ්‍රිත පහත්බිම් ඉදිරි දින කිහිපයේදී ජලයෙන් යට විය හැකි බවට අනතුරු අඟවා ඇත.
එම පහත් බිම් ප්‍රදේශවල ජනතාව සැළකිලිමත් වන ලෙස අවධාරණය කෙරේ.
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දිස්ත්‍රික්ක 9කට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ඒ අතරින් දිස්ත්‍රික්ක 6ක් අවදානම් තත්ත්වයේ පවතින බව දක්වා ඇත.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, පාලින්දනුවර, බුලත්සිංහල කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, දෙහිඕවිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, රත්නපුර, ඇහැලියගොඩ හා කලවාන යන ප්‍රදේශ අවදානම් අදියර දෙක තත්ත්වයේ පවතින බැවින් එම ප්‍රදේශවල ජනතාව ආරක්ෂාකාරී වියයුතු බව දක්වා ඇත.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ගංවතුර අනතුරු ඇඟවීමක්! දිස්ත්‍රික් 09ක් නායෙ යෑම් අවදානමේ!
2021-11-08T07:34:00+05:30
Gossip Lanka Hot News






