gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රඹුක්කන නාය යෑමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජිවිතක්ෂයට - (PHOTOS)

අධික වර්ෂාවත් සමග රඹුක්කන, දොඹේමඩ ප්‍රදේශයේ සිදුවූ නාය යාමකින් පුද්ගලයින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම නාය යෑමෙන් තවත් පුද්ගලයෙකු දිවි බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව ඇති අතර ඔහු රෝහල් ගතකර ඇත.

රඹුක්කන, දහම්බැද්ද ප්‍රදේශයේ නිවසක් මෙලෙස නාය යෑමට හසුවී ඇති අතර මේ වන විට නිවසේ සිටි කාන්තාවක්, ඇයගේ 08 හැවිරිදි දියණිය සහ 13 හැවිරිදි ඥාති දියණිය මෙම සිදුවීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇත.

දැඩි වර්ෂාව හේතුවෙන් ගංඟා කිහිපයක් පිටාර ගලමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවල ගංඟාවේ ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර මේ හේතුවෙන් දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත් බිම්වල සුළු ගං වතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මහඔයේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් වරදගොල්ල, නාඋල්ල, දිවුල්දෙණිය සහ වැලිහිද ග්‍රාමසේවා ප්‍රදේශ මෙන්ම අලව්ව, මීරිගම, වෙන්නප්පුව, මීගමුව සහ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්ද ජලයෙන් යටවීමේ අවදානමක් පවතී.

එමෙන්ම සීතාවක ගඟ ද පිටාර මට්ටමේ පවතින බව දැනුම් දී තිබේ.

මේ අතර නිල්වලා ගඟ සහ  කළු ගඟේ ජල මට්ටම ඉහළයමින් පවතින නිසා ඇතැම් ස්ථානවල පහත් බිම් ජලයෙන් යටවීමේ අවදානම් නිවේදනයක් වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසුවේ දිස්ත්‍රික්ක කිහිපයකට මේ වන විට නායයෑම් අනතුරු අඟවා ඇති බවයි.

මේ අතර පුත්තලම දිස්ත්‍රික්කයට ඇද හැලෙන මහ වර්ෂා හේතුවෙන් දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවි ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කේ.ජී.විජේසිරි පවසනවා.

දිස්ත්‍රික් ලේකම් වරයා පවසා සිටියේ ඊයේ සිට අද රාත්‍රිය වනතුර නොකඩවා ඇද හැලෙන වර්ෂාවත් සමග වැව් පිටා ගලමින් ඇති බවත් ඒ සමගම අධික වර්ෂාව නිසා ගලා එන මහ ජල කදෙන් මාර්ග සම්පුර්ණයෙන් යටවි ඇති බවයි.

මේ අනුව පුත්තලම කොළඹ මාර්ගය පාලවිය,නාගවිල්ලුව,මදුරන්කුලිය,මංගලඑළිය, ආනවිළුන්දාව, හලාවත,හා පුත්තලම අනුරාධපුර මාර්ගයේ පුත්තලම දෙකේ කනුව,සාලියවැව නගරය,පුත්තලම කුරුණෑගල මාර්ගයේ දෙකේ කනුව,හයේ කනුව,කල්අඩිය, ගල්කුලම,කොට්ටුකච්චිය,කජූවත්ත, තෝණිගල,ආණමඩුව උසාවිය අසල . මාර්ග සේම වනාතවිල්ලුව මාර්ගයේ ස්ථාන රැසක් කල්පිටිය මාර්ගයේ ද ස්ථාන ගනනාවක් ද මෙසේ ජලයෙන් යටවිමේන් ගමනා ගමනයට බාධා එල්ල වි ඇති බව කියයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka