පොලිසිය පහරදී මියගියා යැයි කියන තරුණයා නිසා පනාමුරේ උණුසුම් තත්වයක්! ගමනාගමනයට බාධා - පොලීසියට ගල් මුල් ප්‍රහාර (VIDEO)
ඇඹිලිපිටිය - පනාමුර පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් සිරමැදිරිය තුළ මියයාමේ සිද්ධියට විරෝධය පළ කරමින් ඔහුගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් මේ වනවිට (17) එම පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරත වනවා.
විරෝධතාවයේ නිරත වන පිරිස් පොලීසිය දෙසට ගල් මුල් ප්‍රහාරයක් ද එල්ල කළ බව අප වාර්තාකරු පැවසුවා.
ඔවුන්ගේ මෙම විරෝධතාවය හේතුවෙන් කොළොන්න - ඇඹිලිපිටිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
මෙම පුද්ගලයා ඊයේ (16) දිනයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ තමන්ට සහ දරුවාට පහරදෙන බවට මියගිය පුද්ගලයාගේ බිරිඳ පොලීසියට කළ පැමිණිල්ලකට අනුවයි.
කෙසේ වෙතත් ඔහු අද (17) අලුයම සිරමැදිරිය තුළ ගෙල වැළලාගෙන මියගොස් සිටි බව පොලීසිය සඳහන් කළා.
එහෙත් විරෝධතාවයට එක්ව සිටින පිරිස් චෝදනා කළේ පොලීසිය මෙම පුද්ගලයාට පහර දී ඝාතනය කර ඇති බවයි.
මේ අතර මෙම සිද්ධියට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (17) දින පාර්ලිමේන්තු සභා ගැබේ විරෝධතාවක නිරත වුණා.
පොලිසිය පහරදී මියගියා යැයි කියන තරුණයා නිසා පනාමුරේ උණුසුම් තත්වයක්! ගමනාගමනයට බාධා - පොලීසියට ගල් මුල් ප්‍රහාර (VIDEO)
2021-11-17T13:15:00+05:30
Gossip Lanka Hot News






