gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආන්දෝලනාත්මක මුතුරාජවෙල ගැසට්ටුව වෙනස් කරයි

මුතුරාජවෙල රක්ෂිතය සම්බන්ධයෙන් නිකුත් කර ඇති නව අති විශේෂ ගැසට් පත්‍රය මගින් හදුනාගෙන ඇති ජනතාව පදිංචිව සිටින ප්‍රදේශ එම ගැසට් පත්‍රයෙන් ඉවත් කර රක්ෂිතය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන් බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

අදාළ ගැසට් පත්‍රය පිළිබදව පවතින ගැටලු විසදීම සදහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා යන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් සාකච්ජාවක්ද කොළඹදී පැවැත්විණ.

මුතුරාජවෙල රක්ෂිතය සම්බන්ධව නිකුත් කර ඇති නව අති විශේෂ ගැසට් පත්‍රය හේතුවෙන් වත්තල, ජා ඇල, කටාන, මීගමුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ වල පදිංචිව සිටින ජනතාවට බාධාවක් නොවන පරිදි මුතුරාජවෙල රක්ෂිතය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ. එමනිසා එම ප්‍රදේශවල ආගමික නායකයින් මෙන්ම ජනතාව අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නැතැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

– Media Unit


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka