මහින්දගේ නෙළුම් පොකුණ කතාව වෙනස් කරන්න පොහොට්ටුවෙන් තැත් කරලා.. වෙන කතාවක් එවලා.. මහින්ද බෑ කියලා!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස් වන සංවත්සර දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලද කතාවේ පිටපත වේලාසන දැනගැනීම සඳහා එම පක්ෂයේ කිහිපදෙනෙකුට දැඩි උවමනාවක් තිබී ඇතැයි වාර්තා වේ.
ඒ සදහා කතාවේ පිටපත වේලාසන ඉල්ලන කිසිවෙකුට කලින් පෙන්වීම අග්‍රාමාත්‍යවරයා විසින් තහනම් කර ඇති බවද ආරංචි මාර්ග පවසයි.
එම තහනම පැනවීම නිසා වේලාසන කතාව බැලීම සඳහා උත්සාහ කළ අය එම උත්සාහය අතහැර දමා තිබේ.
මේ අතර අග්‍රාමාත්‍යවරයා එම සංවත්සර සමුළුවේ කලයුතු කතාව පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන් වේලාසන සකස් කර එවා තිබුණ ද අග්‍රාමාත්‍යවරයා එම කතාවට කිසිදු කැමැත්තක් දක්වා නැත.
අවසානයේ අග්‍රාමාත්‍යවරයා තමන් විසින් සකස් කරගන්නා ලද කතාව සුළු සංශෝධන සහිතව සංවත්සරයේ දී සිදු කර ඇති බවද තව දුරටත් වාර්තා වේ.
මහින්දගේ නෙළුම් පොකුණ කතාව වෙනස් කරන්න පොහොට්ටුවෙන් තැත් කරලා.. වෙන කතාවක් එවලා.. මහින්ද බෑ කියලා!
2021-11-08T15:10:00+05:30
Gossip Lanka Hot News






