එන්නත් කාඩ්පත නැතිව පොදු ස්ථාන තහනම්
කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් අයට පොදු ස්ථාන වලට ඇතුළුවීම තහනම් කිරීම සඳහා වූ කෙටුම්පතට නීතිමය අනුමැතිය හිමි වී තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ නීතිපතිවරයා විසින් අදාළ කෙටුම්පතට නීතිමය අනුමත ලබාදී ඇති බවයි.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මෙය නීත්‍යානුකූල කරන බවද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් කොරෝනා සඳහා භාවිතා කරන ලද සියලු එන්නත්වල බලය මාස හයක පමණ කාලයක් ඇතුලත විශාල වශයෙන් පහළ බැස ඇති බව ඇමරිකානු වාර්තාවක් උපුටමින් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ද මෑතක දී පෙන්වා දුන්නේය.
එන්නත් කාඩ්පත නැතිව පොදු ස්ථාන තහනම්
2021-11-08T16:50:00+05:30
Gossip Lanka Hot News






