gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෙහෙළියගේ නම ඉවතට! ජනපති යුද හමුදා ‌‌රෝහලේ දෙවැනියාට ඖෂධ නියාමනය බාර දෙයි!

ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර මහතාගේ නම යෝජනා කර ඇතත් ජනාධිපතිවරයා එම යෝජනාව ප්‍රතික්ෂේප කර වෛද්‍ය සවීන් සේමගේ මහතා ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක තනතුරට පත් කර ඇත.

සේමගේ මහතා යුද හමුදා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වන අතර ඔහු එන්නත්කරණ වැඩසටහනද බාරව කටයුතු කළේය.

මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ධූරයට වෛද්‍ය ඩී.එස් සමරසිංහ මහතා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබීය.

ඔහු ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන අංශයේ කටයුතු කළේය.

ජනාධිපතිවරයා අංශ ගණනාවක ප්‍රධානීන් සමග දීර්ඝව සාකච්ඡා කිරීමෙන් පසු මෙම පත්කිරීම සිදුකර ඇති බව දැනගන්නට ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka