gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

චීන පොහොර සමාගම නඩු දැම්මොත් නිලධාරීන් වෙනුවෙන් නොමිලේ පෙනීඉන්න නීතිවේදින් සූදානම්!

චීනයෙන් මෙරටට නැව්ගත කරන ලද ව්‍යාධිජනක අඩංගු කාබනික පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තම සමාගමට සිදු වූ අපකීර්තියට සහ හානියට ඩොලර් මිලියන අටක 8 ක වන්දියක් ඉල්ලා කටුනායක ජාතික පැළෑටි නිරෝධායන සේවයේ අධ්‍යක්ෂවරයා වෙත එවා ඇති එන්තරවාසිය සම්බන්ධයෙන් එම චීන පොහොර සමාගම නඩු මගකට අවතීර්ණ වුවහොත් තම රාජකාරිය නිසි ලෙස ඉටු කළ නිරෝධායන සේවයේ අධ්‍යක්ෂවරයා ඇතුළු බලධාරීන් වෙනුවෙන් තමා අධිකරණයේදී නොමිලේ පෙනීසිටින බවත් ඔවුන් වෙනුවෙන් කොන්දේසි විරහිතව සහාය ලබාදීමට තමන් තීරණය කර ඇති බවත් ජේෂ්ඨ පාරිසරික නීතිවේදි ආචාර ජගත් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ලංකාසර වෙත අදහස් දක්වමින් ආචාර්ය ගුණවර්ධන මහතා සඳහන් කළේ රටට ඇතුළු විය හැකි අහිතකර ව්‍යාධිජනක පාලනය කිරීම සම්බන්ධයෙන් මෙරට පවතින නීති රීතිවලට අනුකූලව ක්‍රියාත්මක වන ජාතික පැළෑටි නිරෝධායන සේවය හීන පොහොර තොගය සම්බන්ධයෙන් තම රාජකාරිය නිසි ලෙස නීතියානුකූලව ඉටු කර ඇති බවත් ඔවුන් එම නිලධාරීන් අධෛර්යට පත් කිරීම හෝ බිය වැද්දීමේ අරමුණින් මෙවැනි තර්ජනාත්මක පියවර වලට එම සමාගම එළඹ ඇති බවට තමන් විශ්වාස කරන බවත් ආචාර්ය ගුණවර්ධන මෙහි දී සඳහන් කළේය.

ඔහු තවදුරටත් තවදුරටත් කියා සිටියේ “ශාක නිරෝධායන අංශයේ ක්‍රියාත්මක වෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ. ඔවුන් වගකියන්නේ මෙරට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාට. එම ආයතනය ශාක ආරක්ෂක පනතට අනුකූලව මේ රටට ඇතුළු විය හැකි යම් ව්‍යාධිජනක සම්බන්ධයෙන් විද්‍යාත්මක හා විධිමත් තාක්ෂණික පසුබිමක් මත පර්යේෂණ කිරීමේ වගකීම ඔවුන් දරනවා. එම වගකීම ඔවුන් ඉටු කරන්නේ ඉතාම විද්‍යානුකූල පදනමක් මත. මෙම පොහොර තොගය සම්බන්ධයෙනුත් ඔවුන් තම නිරීක්ෂණ ඒ ආකාරයෙන් ලබා දී තිබෙනවා. ඒ අනුව ඔවුන් කළ ක්‍රියාව නිවැරදියි. නමුත් මෙම පොහොර නිෂ්පාදන සමාගම උත්සාහ කරන්නේ මෙම නිලධාරීන් යම් ආකාරයකට අධෛර්යට පත් කරමින් ඔවුන් බියවැද්දීමට ලක් කරමින් තමන්ගේ අරමුණ ඉෂ්ට කර ගැනීමට බව අපට හිතන්න පුළුවන්. මෙවැනි අවස්ථාවලදී රට වෙනුවෙන් තමන්ගේ රාජකාරිය අවංකව සෘජුව ඉටු කළ මෙම නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටීම අපි කාගෙත් වගකීමක්. ඒ අනුවයි මම තීරණය කළේ මෙම නිලධාරීන් වෙනුවෙන්‌ එම අධිකරණ ක්‍රියාමාර්ගයට සහාය දෙන්න.”

තවදුරටත් අදහස් දක්වමින් ජගත් ගුණවර්ධන මහතා සඳහන් කළේ එවැනි අධිකරණ ක්‍රියා මාර්ගයකට චීන කුවින්ඩාඕ සීවින් බයෝටෙක් කියන සමාගම එළඹිය හොත් ඊට සාර්ථකව මුහුණ දීමට මෙම නිලධාඑරීන්ට හැකිවනු ඇති බව ට ඔහු විශ්වාසය පළ කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka