නිවසකට දිනකට පොල් ගෙඩි බාගයක් ඇති - රජය කියයි
නිවැරදි ආකාරයෙන් පරිභෝජනය කරන්නේ නම් නිවසකට දිනකට පොල් ගෙඩි භාගයක් පමණක් බව පොල් පර්යේෂණ මණ්ඩලය සභාපති ආචාර්ය සාරංග අලහප්පෙරුම මහතා සඳහන් කරයි.
මෙරට ගෘහස්ථ පොල් පරිභෝජනයෙන් සියයට තිහක ප්‍රමාණයක් අපතේ යන බව ද ඔහු කියා සිටියි.
මෙරට වාර්ෂික පොල් අස්වැන්න සියයට 70 යොදාගන්නේ ගෘහස්ථ පරිභෝජනය සඳහා යැයි ද ඒ මහතා පවසයි.
පොල් අතින් මිරිකීම හේතුවෙන් පොල්කිරි 20-30% අතර ප්‍රතිශතයක් ලබා ගත හැකි වුවත් වංගෙඩියේ කොටා හෝ ගලේ අඹරා ගැනීමෙන් 50%ක පොල්කිරි ප්‍රතිශතයක් ලබා ගත හැකි ද ඔහු පැවසීය.
නිවසකට දිනකට පොල් ගෙඩි බාගයක් ඇති - රජය කියයි
2021-11-06T16:06:00+05:30
Gossip Lanka Hot News






