gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

චීන හමුදා කදවුරක් ලංකාවට - පෙන්ටගනයෙන් වාර්තාවක්!

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් මහජන චීන හමුදාවට පහසුකම් සපයන මධ්‍යස්ථාන බවට පත්කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි, පෙන්ටගනය නිකුත් කළ නවතම ආරක්ෂක විශ්ලේෂණ වාර්තාවක් අනාවරණය කර තිබේ.

චීනයේ හමුදා හා ආරක්ෂක සංවර්ධන ක්‍රියාකාරිත්වය පිළිබඳව ඇමරිකාවේ ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනය මෙම වාර්තාව සකස්කර තිබේ.

එහි සඳහන් වන්නේ චීනය තමන්ගේ හමුදා බලය විශාල ප්‍රදේශයක පවත්වාගෙන යෑම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13 ක සිය හමුදාවට පහසුකම් සපයන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට ඉඩ ඇති බවයි.

ශ්‍රී ලංකාව සමග කාම්බෝජය, මියන්මාරය, තායිලන්තය, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, සහ පකිස්ථානය ඇතුළු රටවල් 13 ක් චීනය මේ සඳහා යොදා ගැනීමට ඉඩ ඇති බව ඇමරිකානු වාර්තාවේ සඳහන් ය.

එහි දැක්වෙන්නේ චීනය, තමන්ගේ නාවික යුද සහ ගුවන් හමුදා ශක්තිය වැඩි කිරීමට මෙමගින් අපේක්ෂා කරන බවයි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඊට පිළිතුරු දෙමින් නිකුත් කළ ටිවිටර් පණිවිඩයකින් කියා සිටියේ, සොරකු අනෙකුත් සියලු දෙනා සොරකම් කරන්නේ යැයි සිතන බවයි.

අමෙරිකාව දැනටමත් විදේශ හමුදා කඳවුරු 750 ක් ස්ථාපනය කර ඇති බව ද චීන තානාපති කාර්යාලය එම පණිවුඩයේ සඳහන් කර ඇත.

2030 වනවිට චීනයේ න්‍යෂ්ටික අවි ප්‍රමාණය දාහක් දක්වා වැඩි කරගත හැකි බවට පෙන්ටගනය නිකුත් කළ වාර්තාවේ කළ අනාවරණයට පිළිතුරු දුන්නේ චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයායි.

ඔහු පවසා ඇත්තේ චීනයට එරෙහිව න්‍යෂ්ඨික අවි භාවිත නොකරන කිසිදු රටකට එරෙහිව චීනයේ න්‍යෂ්ටික අවි මගින් තර්ජනය නොකරන බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka