gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාව පොහොසත් රටක් කළේ මගේ අවංක පාලන යුගයයි

වසර 11ක් පුරා තමා අවංක මහජන සේවයක යෙදුණු බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක පවසයි.

1994 දී මට භාර ගැනීමට සිදු වූයේ ඉතා සංකීර්ණ අර්බුද රාශියකින් යුත් දේශයකි. යුද්ධයෙන් විපතට පත්වූ, යහපාලනය විනාශ වී තිබූ, දුප්පත්කම, දූෂණය, භීෂණය, සමාජ අසාධාරණත්වය ඉහ වහා ගිය පාලන තන්ත්‍රයකි.

සාමය, ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, ආර්ථික සංවර්ධනය ශක්තිමත්ව ගොඩනගමින් මිනිසත්කම රජයන දේශයක් ගොඩනැගීමට වෙහෙසුනෙමි. ත්‍රිවිධ හමුදාව භෞතික සහ ගුණාත්මකව ශක්තිමත් කළෙමි. යටිතල පහසුකම් සංවර්ධනය කළෙමි.

මගේ වසර 11 ක පාලන කාලය පුරාවට මම අවංක මහජන සේවයක යෙදුණෙමි. වසර 27කට පෙර එදා ඔබ මා කෙරිහි තැබූ විශ්වාසයට මම ඔබට මාගේ අවංක ස්තූතිය පිරිනමමි.

පුරා වසර 11ක් පුරාවට රටට හිමිකර දුන් ජයග්‍රහණ

1994. 2005
ඒ.පු. ආදායම. රු 32315/. රු 104347
සේවා වියුක්තිය. 12.1%. 8.5%
විදේශ වත්කම්. $ මි 1972. 3438
කර්මාන්ත පුර. 4. 10
සංචාරක ඉපැයුම්. රු බි 11. 42
අපනයන ඉපැයුම් රු බි 88. 403
විදුලි සහිත නිවාස 45%. 72%
දුරකතන ස්ථාවර. මි 1.8. මි 10
ජංගම දුරකතන 29182. 2211158

1994 දී ලෝකයේ රටවල් 200න් දුප්පත්ම රටවල් 25 අතර තිබූ රට 2005 වන විට පොහොසත්ම රටවල් 72 අතරට රැගෙන ආවෙමි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka