ඩීසල් ගණන වැඩියි.. පුද්ගලික බස් ධාවනය භූමිතෙල්වලින්…
මගී ප්‍රවාහනය යෙදෙන පෞද්ගලික බස් රථ වලින් 25% ක් පමණ ඩීසල් වෙනුවට භූමිතෙල් යොදාගෙන ධාවනය කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙන්නේ ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ගැනීම පෙර සිටම සිදු වූ නමුත් වර්තමානයේ පවතින තත්වය මත වැඩි වශයෙන් භූමිතෙල් වලින් ධාවනය කිරීමට බස් රථ හිමියන් පෙළඹී ඇති බවයි.
බස් රථ වල ආදායම අඩුවීම රජයෙන් සහනයක් නොලැබීම ආදී හේතු නිසා බරපතළ ලෙසින් ආර්ථික පිරිහීමකට ලක්වී සිටින බස් රථ හිමියන් මිල අඩු වීම හේතුවෙන් භූමිතෙල් වැඩි වශයෙන් යොදා ගනිමින් සිටින බවද සඳහන් කළේය.
මේ අතර නඩත්තු කිරීමට නොහැකි වීම සහ සේවකයන් නොමැතිවීම නිසා පෞද්ගලික බස්රථ නව දහසක් පමණ නිවෙස් වල ගාල් කර ඇතැයිද ඔහු තවදුරටත් කියා සිටියේය.
ඩීසල් ගණන වැඩියි.. පුද්ගලික බස් ධාවනය භූමිතෙල්වලින්…
2021-11-13T19:48:00+05:30
Gossip Lanka Hot News






