gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

බැසිල්ගේ අයවැය කතාව අතර මග නැවැත්තුවේ ජනපති!

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉකුත් 12 වැනිදා පැවැත්වූ අයවැය කතාව අතරමඟ නවත්වා ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බව වාර්තා වේ. කථානායකවරයාට හස්ත සංඥාවක් ලබාදෙමින් ඔහු එම අයවැය කතාව නවත්වන්නට දන්වා ඇති අතර ඒ අනුව එදින පස්වරු 3.30 සිට විනාඩි 10ක කාලයකට අයවැය කතාව කථානායකවරයා විසින් අත්හිටුවනු ලැබීය.

ජනපතිවරයා එම පියවර ගනු ලැබුවේ ඒවන විට ජනපති හා අගමැති අසලට පැමිණි අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා බැසිල් රාජපක්ෂ මහතා ඉතා අපහසුවෙන් අයවැය කියවන බව දැන්වීමෙන් පසුව එය නිරීක්ෂණය කිරීමෙන් පසුවය.

බැසිල්ට වම් පැත්තේ එකම පේළියේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයාත්, දකුණු පැත්තේ පවිත්‍රාත් අසුන්ගෙන සිටියත් සමාන්තරව අසුන්ගෙන සිටීම හේතුවෙන් ඔවුන්ට බැසිල්ගේ මේ අපහසුතාව දැකගන්නට ලැබී නොතිබිණි.

කතාව නැවැත්වූ පසු ඇමතිවරු බැසිල් ජනපති කාර්යාලයට අරන් ගිහින්

මෙසේ සභාව කල්තැබුණු විගස ජනාධිපතිවරයාගේ ළඟම සිටි ඇමැතිවරුන් කිහිප දෙනකු බැසිල්ව රැගෙන ගියේ පාර්ලිමේන්තුවේ පිහිටා ඇති ජනාධිපතිවරයාගේ කාර්යාලයට බව පැවසේ.

එමෙන්ම පාර්ලිමේන්තුවේ සිටින වෛද්‍ය කාර්ය මණ්ඩලයද වහාම ජනාධිපති කාර්යාලයට ගෙන්වීමට පියවර ගත් බවද වාර්තා වේ.

ඔවුන් බැසිල්ව නිරීක්ෂණය කොට ඔහුට අධික වෙහෙස හේතුවෙන් මෙවැන්නක් සිදුව ඇති බව පවසා තිබේ. 

ඒ අනුව ඖෂධ කිහිපයක්ම ඒ අවස්ථාවේ බැසිල්ට ලබාදීමටද පියවර ගෙන තිබිණි.

බැසිල්ගේ අපහසුව මුලින්ම දැක්කේ කබීර්; ධම්මිකට කිව්වත් ගනන් අරන් නෑ

බැසිල් රාජපක්ෂ මහතා අයවැය අපහසුවෙන් කියවන බව මුලින්ම දැක ඇත්තේ ඔහුට ඉදිරිපසින් විපක්ෂයේ අසුන් ගෙන සිටි කබීර් හෂීම් සජබ මන්ත්‍රීවරයා බව පැවසේ.

ඔහු විසින් බැසිල් අපහසුවෙන් අයවැය කතාව කරන බව පවසා එය නවත්වන්නැයි කථානායකට කියන්නැයි පාර්ලිමේන්තු ලේකම් ධම්මිකට කිව්වද ඔහු එය තුට්ටුවකට මායිම් කර නැතැයි වාර්තා වේ.

මූලාශ්‍රය - මව්රට
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka